Monday, September 24, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පෙම්වතාගේ කැමරාව ඉදිරියේ නිරුවත් වූ එක් දරු නිතීඥවරියට සිදුවූ ඇබැද්දිය, සෑම කාන්තාවක්ම කියවිය යුතු කතාවක් .!

19506Views

අන්තර්ජාලය හරහා සිදුකරන වංචා සහ අපචාර පිළිබදව පුවත් නිරතුරුවම වාර්තා වේ. වෘත්තියෙන් නිතීඥවරියක වූ කාන්තාවකගෙන් ඇයගේ නිරුවත් ඡායාරූප සහ විඩීයෝ අන්තර්ජාලයට මුදාහරිනවා යැයි බිය ගන්වා කප්පම් ලබා ගැනීමට සුදානම් වූ පුවතක් පිළිබදව සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

එම සටහන පහතින්,

"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි, සුරම්‍යයි"

සැබැවින්ම ආදරය වනාහි ගීතවල අන්තර්ගත පදවැල් පමණක්දැයි සිතෙන පරිද්දෙන් නූතන සන්නිවේදන මාධ්‍ය විසින් මේ පාරිශුද්ධ වූ ආදරය ගිලගනු ලැබ ඇත. ආදරය යනු කුමක්දැයි තේරුම් බේරුම් කර ගැනීමට ද වර්තමානය වන විට අසීරු වී ඇත. ආදරය වැනි සියුම් සංවේදී හැඟීම්වලින් මිනිස් ජීවිතය උකසට ගැනීමට හැකියාවක් ඇත්නම්? එවැනි කතාන්දරයක් කියන මේ අලුත්ම සෙල්ලම, "ෆේස්බුක් කප්පම් කල්ලිය" ගැනය.

ඇය නමින් උත්පලා ලෙසින් හඳුන්වමු. එක් දරු මවක වූ ඇය විවාහ ජීවිතයෙන් එක්තරා ආකාරයකට බැට කමින් සිටි තැනැත්තියකි. වෘත්තියෙන් නිතීඥවරියක වූ ඕ, සිය සැමියාගෙන් වෙන් වන්නේ ඒ හේතුව නිසාමය. දස හැවිරිදි තම පුත්‍රයාත් සමඟ ජීවත් වූ ඇයගේ තනි නොතනියට සිටියේ දුරින් ඥාති සහෝදරියක වූ ලංකා කුමාරිය. ඇයද කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ බිරියකි. උත්පලා මෙන් ලංකා ද සියා සැමියා අතහැර සිටි තැනැත්තියක වූ අතර, මොවුන් වෙසෙන්නේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙසකය.

දිනක් උත්පලාගේ දස හැවිරිදි පුත්‍රයා ඇගේ ඇපල් අයි සෙවන් වර්ගයේ ජංගම දුරකථනය ඉල්ලා සිටින්නේ 'ගේම්' එකක් සෙල්ලම් කර නැවත ලබාදීමේ පොරොන්දුවෙනි. දරුවාට ජංගම දුරකථනය නුහුරු නුපුරුදු දෙයක් නොවිණි. එහෙත් අනපේක්ෂිත අයුරින් එම ජංගම දුරකථනයේ අන්තර්ගත වී තිබූ උත්පලාගේ නිරුවත් ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් දරුවාට දැක ගැනීමට හැකිවී ඇත. එම අවස්ථාවේදී එතැන සිටි ලංකා වහාම එම ජංගම දුරකථනය දරුවාගෙන් උදුරාගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

කතාන්දරය දිගහැරෙන්නට පටන් ගන්නේ එතැන් පටන්ය.

දිනය 2018 මැයි මස 24 වැනිදාය. උත්පලාගේ ජංගම දුරකථනය නාද වන්නට විය.

"ආ නීතිඥ නෝනා... කොහොමද? ඔයාගේ පින්තූර වගයක් තියෙනවා අපි ළඟ. හරි ලස්සනට ඔයා ඒකේ ඉන්නවානේ"
"හලෝ... කවුද කතා කරන්නේ. මොන පින්තූරද?"
"ඇයි ඔයා එක එක විදියට ඉඳලා ගත්තු පින්තූර. ඒ විතරක් නෙවෙයි ලස්සන වීඩියෝ දෙක තුනකුත් තියෙන්නේ"
මේ ඇමතුමෙන් උත්පලා අන්දමන්ද වූවාය. තම ජංගම දුරකථනයේ තමන්ගේ නිරුවත් ඡායාරූප මෙන්ම ඒ වනවිටත් තමන් ප්‍රේමයෙන් වෙළී සිටි ප්‍රේමවන්තයාගේද ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත්ව ඇති බව ඇයට මෙනෙහි විය. ඇමතුම්කරුවා තම ජංගම දුරකථනයේ ඇති ඡායාරූපවල විස්තර නිවැරැදිව පවසන්නට වූ අතර, උත්පලාට දෙවියන් සිහිවිය.

"ඕවා කොහොමද ඔයගොල්ලන්ට ආවේ?"
එහෙත් ඇගේ පැනයට පිළිතුරු දෙන්නට ඇමතුම්කරුවන් සූදානම් නැත.
"ආපු විදිය වැඩක් නෑ. බඩු තියෙනවා. මේක ආපහු ඔබතුමියට දෙන්නම්. හැබැයි පොඩි ඩීල් එකක් කරන්න ඕන"
"මොකක්ද?"
මේක මැඩම්ට ආපහු දෙන්නම්. අපි මේක ගොඩින් බේරගමු. අපිට රුපියල් ලක්ෂ 20ක් ඕන. සල්ලි ටික දාලා බඩු අරගෙන යන්න"
"ලක්ෂ 20ක්. එච්චර සල්ලි කොහෙන්ද?"
"හරි එහෙනම් මේවා ටික ඔයාට වට්ස් ඇප් කරන්නම්. අනිත් පැත්තෙන් ඉන්ටර්නෙට් එකට දාන්නම්. එහෙම හොඳයි නේද?"

දැන් සිදුවන්නේ උත්පලා සිහිනයකින් හෝ නොසිතූ දෙයකි. කප්පම්කරුවන් ඇගේ නිරුවත උකසට ගෙනය. ඒවා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ නොකරන්නට ඇගෙන් ඔවුහු කප්පම් ඉල්ලති. එසේ නොකරන ලෙසට ඉල්ලීම සඳහා ඇය ඔවුන්ගේ දුරකථන අංකය වෙත නැවත ඇමතුම් ගත්තද, කප්පම්කරුවෝ ඇමතුම් විසන්ධි කරමින් අය වෙත කෙටි පණිවුඩ එවන්නට පටන් ගත්හ. මෙම රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදල ලබා නොදුනහොත් ඇගේ ඡායාරූප මෙන්ම වීඩියෝ පට සී.ඩී. තැටිවලට පිටපත් කර ඥාතීන් සහ හිතවතුන් වෙත බෙදා හරින බවටද ඔවුහු ඇයට තර්ජනය කළහ. පසුව ඇය එක් කප්පම්කරුවකු සමඟ වට්ස්ඇප් ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම කප්පම් මුදල අඩුකර ගැනීමට උත්සාහ දැරුවාය. එහෙත් මෙම සංවිධානාත්මක පිරිස සඳහන් කර ඇත්තේ කප්පම් මුදලින් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉකුත් මැයි මස 30 වැනිදා ඔවුන් වෙත ලබාදෙන ලෙසය.

තම ජීවිතය සම්බන්ධ මේ ගැටලුව පිළිබඳව දිවා රෑ හඬමින් කල්පනා කළ උත්පලා නතර වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සේනාරත්න මහතා විසින් මෙම පැමිණිල්ල මෙහෙයවනු ලබන්නේ ඉන් අනතුරුවය. උත්පලා සඳහන් කළ ආකාරයට ඇයට ඇමතුම් සහ කෙටි පණිවුඩ ලද ජංගම දුරකථන අංකය ඔස්සේ හඹා යන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පටන් ගත්තේය. ඒ අනුව කප්පම්කරු එම ජංගම දුරකථන සිම්කාඩ් පත මිලදී ගෙන තිබුණේ 2018 මැයි මස 08 වැනිදාය.

රහස් පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කරනු ලැබුවේය. කප්පම්කරුවන් සඳහන් කළ ආකාරයටම පැමිණිලිකාරිය දිගින් දිගටම වට්ස්ඇප් මාර්ගයෙන් ඔවුන් හා සම්බන්ධ වෙමින් රුපියල් ලක්ෂ 3ක් ලබාදීමට පොරොන්දු වූවාය.

දිනය මැයි මස 30 වැනිදාය. වෙලාව රාත්‍රි 8.00ට පමණ ඇත. රහස් පොලිස් කණ්ඩායමේ ආවේක්ෂණය යටතේ උත්පලා ක්‍රියාත්මක වූවාය.

"හලෝ මම ඇවිත් ඉන්නේ"
කප්පම්කරුවන් උත්පලා මුලින්ම ගෙන්වා ගන්නේ කුරුඳුවත්ත ප්‍රදේශයටය.
"හරි අපි දැක්කා. ඔතැනින් හැරිලා ඔහොමම මරදාන පැත්තට එන්න"

උත්පලා රූකඩයක් මෙන් ඔවුන් කියන කියන ස්ථාන වෙත සිය මෝටර් රථය පදවන්නට වූවාය. කුරුඳුවත්ත, මරදාන, කිරුළපන සහ පාමංකඩ යන ප්‍රදේශවල රාත්‍රි 10.45 පමණ වන තෙක් ඇය සිය මෝටර් රථයේ සුක්කානම කරකවමින් සිටියාය.

"දැන් මැඩම් ගෙදර යන්න. පස්සේ බලමු"

අනතුරුව පසුවදා එනම් 31 වැනිදා නැවතත් එම දුරකථන ඇමතුම් උත්පලා වෙත ලැබිණි. එම ඇමතුමට අනුව උත්පලා කුරුඳුවත්ත ප්‍රදේශයටත් පාමංකඩ ප්‍රදේශයටත් පිටත් වූවාය. ඇය මෝටර් රථය පදවමින් පාමංකඩ බර්ඩ්ස් පෙදෙස ඇතුළත මාර්ගයට පිවිසීමේදී ආවේක්ෂණ රාජකාරියේ සිටි රහස් පොලිස් නිලධාරීන් විසින් ඇමතුමේ රැඳී හුන් කප්පම්කරු අල්ලා ගන්නා ලද්දේ චිත්‍රපටයක දර්ශනයක් මෙනි.

ඔහු ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි මනෝජ් ප්‍රියනාත් නමැත්තාය. රහස් පොලිස් අත්අඩංගුවේදී මෙම තැනැත්තා සියල්ල ගිරවකු සේ වමාරන්නට විය. උත්පලාගේ ජංගම දුරකථනයේ තිබූ පින්තූර මෙන්ම වීඩියෝ දර්ශන අනවසරයෙන් ලබාගෙන ඇත්තේ උත්පලාගේම ඥාති සහෝදරියක වූ මෙම සිද්ධියේ සැකකාරිය වූ ලංකා කුමාරි නමැත්තියගෙනි.

ලංකා කුමාරි ද ෆේස් බුක් ගිණුම් හරහා හිතවත්කමකින් පසු ප්‍රේමයේ වෙළෙන්නේ මනෝජ් සමඟය.

"අරයාගේ පින්තූර වගයක් හම්බවුණා. එයාට ඕන තරම් සල්ලි. පොඩි වැඩක් කරමු" යෝජනා ස්ථිරත්වයෙන් දෙදෙනාම කප්පම් ගැනීමට සූදානම් වූයේ එලෙසිනි. ඒ අනුව සැකකාරිය වැල්ලවත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ අතර, ඒ වනවිට ඇය සතුව තිබූ පැමිණිලිකාරියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් සී.ඩී. තැටි දෙකක්ද පොලිස් අත්අඩංගුවට පත්වී තිබිණි. මෙම ඡායාරූප සහ වීඩියෝ දර්ශන සී.ඩී. තැටිවලට පිටපත් කරනු ලැබූ කසුන් දුමින්ද යන අයද රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව සැකකරුවන් තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලබන්නේ ඉකුත් 01 වැනිදාය.

මෙම සැකකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ 372 වගන්තිය ප්‍රකාරව දඬුවම් කරන හා 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 7, 8 වගන්ති හා 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන (සංශෝධන) පනතේ 2 (අ) වගන්ති ප්‍රකාරව වැරැදි සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ඒ අනුව මෙම සිද්ධියේ තෙවැනි සැකකරුට අධිකරණය මඟින් ඇප ලබාදුන්නද පළමු සහ දෙවැනි සැකකරුවෝ මේ වනතෙක් රක්ෂිත භාරයේ පසුවෙති.

මෙහි වැරැද්ද කාගේදැයි විමසා බලනු වටී. තම නිරුවත වුවද ප්‍රදර්ශනය කිරීම මෙන්ම ළඟ තබාගැනීම පෙනී සිටීම පවා වරදක් බව නොදන්නා නීතිඥවරියක වූ පැමිණිලිකාරිය අපරාධයකට අනුබල දී තිබේ. කෙසේ වෙතත් වර්තමානය වනවිට කාන්තාවකට ගමේ ළිඳක් අසල දිය නෑමටද නොහැකි තත්ත්වයක් උදා වී ඇති හැඩකි. වරද නවීන තාක්ෂණයද නොඑසේ නම් එය අවභාවිත කිරීමදැයි වරක් නොව සිය දහස් වාරයක් සිතිය යුතුව ඇත.

සටහන : දනුජය අමරකෝන්/ මවුබිම

YOU MAY ALSO LIKE