Monday, July 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ඇමති විදියට තීරණයක් ගන්න නිදහසක් නෑ, ජනාධිපතිතුමා වැඩේ නැවැත්තුවා" අලි අල්ලන්න ගිය ඇමති ෆොන්සේකාගේ කලකිරීම එළියට! (VIDEO)

4257Views

 

සිංහරාජ රක්ෂිතයේ අවසන් වල් අලි දෙදෙනාද රක්ෂිතයෙන් ඉවත් කිරීමට වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා පසුගිය දිනවල කටයුතු කරමින් සිටියා. කෙසේ වෙතත් අමාත්‍යවරයාට මෙම අලි ඇල්ලීමේ මෙහෙයුම අවසන් මොහොතේ අත්හැර දැමීමට සිදුවූයේ එම මෙහෙයුම නවතා දමන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කිරීම නිසයි. 

මේ අතර සිංහරාජයේ අලින් දෙදෙනා ඉවත් කිරීමේ මෙහෙයුම නවතා දැමීමට සිදුවීම ගැන තමන්ට ගැටළුවක් ඇති බවත් එවන් ප‍්‍රශ්ණවලදී තීරණ ගැනීමේ නිදහස තමන්ට තිබිය යුතු බවත් ඇමති සරත් ෆොන්සේකා පවසනවා. තමන් කිරීමට ගිය දේ ජනාධිපති විසින් නැවතූ බවත් ඒ පිළිබඳව තමන්ට අප‍්‍රසාදයක් සහ ප‍්‍රශ්නාර්ථ ලකුණක් ඇතැයිද මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා අදහස් දක්වා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා තමන් වන ජීවී සේවකයෙක් පමණක් නම් මේ පිළිබඳව තමන්ට ප‍්‍රශ්නයක් නැති බවත් කරබාගෙන සිටිය හැකි බවත් ප්‍රකාශ කළා.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළවූ අතර මේ සම්බන්ධව අදහස් දක්වන පිවිතුරු හෙළ උරුමයේ ලේකම්වරයෙකු වන තුෂාර දිසානායක පවසන්නේ "තනියෙන් යුද්දේ කරා කියපු ෆොන්සේකාට අද තනියම අලි දෙන්නෙකු ඇල්ලීමට නොහැකිව තිබෙනවා" යනුවෙනි.

අමාත්‍ය ෆෝන්සේකා අදහස් දක්වන අවස්තාවේ වීඩියෝව පහතින්,

 

YOU MAY ALSO LIKE