Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පොලිස් කාන්තාවන් පෙන්නන්න බැරි සහකාර පොලිස් අධිකාරීවරයා...! අසභ්‍ය වචනමයි කතා කරන්නෙ...! ASP ට එරෙහිව පොලිස් කාන්තාවන් පොලීසි යයි...!

8551Views

පොලිස් කාන්තාවන්ට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් හිංසාකාරී අන්දමින් කටයුතු කරන බවට සහකාර පොලිස් අධිකාරීවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් ලැබී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් කාන්තාවකට මෙලෙස බැණ වැදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙත අදාල පැමිණිල්ල ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

එම චෝදනාවට ලක්ව ඇති සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් ස්ථාන පරීක්ෂාවට යන අවස්ථාවන්හිදී එම පොලිස් ස්ථානවල සේවය කරන කාන්තාවන්ගේ තරාතිරම පවා නොසළකා ඔවුන්ට කිසිඳු හේතුවකින් තොරව බැණ වදින බවයි පොලිස් නිළධාරිනියන් පවසන්නේ. එසේම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ කාර්යාල වෙත කැඳවන පොලිස් කාන්තාවන් පැය ගණන් එහි සිටවා තබා පීඩාවට පත්කරන බවත් එම අවස්ථාවන්හිදී අසභ්‍ය ආකාරයෙන් බැණ වදින බවත් සඳහන්.

මෙලෙස එක් පොලිස් කාන්තාවක් නියමිත පරිදි නිවාඩු ලබා දඹදිව වන්දනාවේ යෙදීමට සූදානම්ව සිට ඇති අතර එම පොලිස් නිළධාරියා විසින් ඇය දඹදිව වන්දනාවේ යාමට පෙර වැඩ තහනම් කර ගෙදර යවන බවට පවසමින් බැණ වැදී තිබෙනවා. එසේම සිදුකරන ලද පරීක්ෂණ වලදී අදාල පොලිස් නිළධාරියා විසින් ‘‘ තමුසේ කාත් එක්කද දඹදිව යන්නෙ..?‘‘ යනුවෙන්ද අසා ඇති බව හෙළිකරගෙන තිබෙනවා. මේ අතර කිසියම් රාජකාරී කටයුත්තක් සඳහා පොලීසියට පැමිණිි යුධහමුදා නිළධාරියෙකු විසින්ද පොලිස් නිළධාරියාගේ හැසිරීම් රටාව දැක එය පිළිකුලට ලක්කර තිබෙන බවද වාර්තා වනවා.

මෙලෙස රැකියාව අහිමි කරන බවට තර්ජනයට ලක්වූ පොලිස් කාන්තාවගේ සැමියා විසින් අදාල පොලිස් අධිකාරීවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ගොණුකර තිබෙන අතර  ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.