Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ළහිරු කුමාර විදුලි වේගයෙන් පන්දු යවයි, කසුන් රාජිත කඩුලු අතරට" අයහපත් කාලගුණය නිසා බිහිසුනු ශ්‍රී ලංකා වේග පන්දුවෙන් කොදෙව්වන් බේරුනු හැටි!

8983Views

ශ්‍රී ලංකාව සහ කොදෙව් දූපත් අතර පැවති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ පස්වැනි දිනය වූ ඊයේ (18) දිනය අවසන් වන විට සත්කාරක කොදෙව් කණ්ඩායම කඩුලු පහක් දැවි ලකුණු 147ක් ලබා සිටියේය. මේ අනුව තරග තුනකින් සමන්විත සෝබර්ස් තිසේරා ටෙස්ට් තරගාවලියේ තරග 1-0ක් ලෙස කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටියි.

පස්වෙනි දිනය සඳහා ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන් කසුන් රාජිත තමා යැවූ දෙවැනි ඕවරයේදීම ඩෙවෝන් ස්මිත් සහ කිරන් පවෙල් පිටියෙන් ඉවත් කරමින් කොදෙව් කණ්ඩායම අසරණ තත්වයකට ඇද දැමුවේය. කොදෙව් පළමු ඉනිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වූ ළහිරු කුමාර පැයට කිලෝමීටර් එකසිය පනහකට ආසන්න වේගයකින් පන්දු යැවීය.

පැයට කිලෝ මීටර් 148 ක වේගයකින් පැමිණි ළහිරු කුමාරගේ පන්දුවක් මඟහැරීමට ගත් උත්සාහයක් වැරදී එය පපු ප්‍රදේශයේ වැදීම හේතුවෙන් කෙටි වේලාවක් ක්‍රීඩාංගණය මත වැතිරී ඊට ප්‍රතිකාර ගත් ෂායි හෝප්, නැවත පන්දුවට පහරදීමෙන් වැළකී කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා සමග ආපසු ක්‍රීඩාගාරය වෙත ගියේය.

ෂායි හෝප්ගේ නික්ම යෑමෙන් පසුව පිටියට පිවිසි රොස්ටන් චේස්ට (13) වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට ඉඩක් නොලැබුන අතර දිවා ආහාරය සඳහා තරගය නතර කිරීමට ඕවරයක් පමණක් ඉතිරිව තිබියදී ඔහුගේ කඩුල්ල බිඳ දැමීමට සුරංග ලක්මාල් සමත් විය.

කෙසේ වෙතත් අයහපත් කාලගුණය නිසාවෙන් සහ කාර්ලෝස් බ්‍රැත්වෙයිට්ගේ පිතිකරණය හේතුවෙන් කොදෙව් කණ්ඩායම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ශැනෝන් ගැබ්‍රියෙල් තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේය.