Tuesday, November 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘ඉක්මණින්ම කටයුතු කරන්නම්‘ - විග්නේශ්වරන්ගේ ඉල්ලීමෙන් කොළඹට බෝම්බ ගැසූ හිටපු කොටියාට ජනපති සමාවක්..?

8068Views

කොළඹට බෝම්බ තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන්ට නිදහස ලබාදෙන මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පෙරේදා (18) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.

සුදාකරන් නිදහස් කිරීම සම්බන්ධයෙන් අත්සන් ලක්ෂයක් සමඟ ලිපියක් මීට පෙර ජනාධිපතිවරයාට ලබා දී තිබූ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිලිනොච්චි ප්‍රදේශයට ගිය අවස්ථාවේ ප්‍රධාන අමාත්‍යවරයා මේ බව මතක් කොට තිබෙනවා.

 මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් කටයුතු කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ප්‍රධාන අමාත්‍ය කාර්යාලය 19දා උතුරේ මාධ්‍ය ආයතනවලට පවසා තිබුණා.

ආනන්දන් සුදාකරන් බන්ධනාගාරගතවී සිටින අවස්ථාවේදී ඔහුගේ බිරිය පිළිකාවක් සෑදී මරුමුවට පත්වූ අතර ඇයගේ ආදාහනයට බන්ධනාගාරයේ සිට සුදාකරන් කිලිනොච්චියට ගෙන එන ලද අවස්ථාවේදී කුඩා දියණිය හඬා වැලපෙමින් පියා සමඟ තමන්ටත් යෑමට අවශ්‍ය බව කියමින් බන්ධනාගාර බස් රථයට නැඟීම නිසා  සංවේදී තත්ත්වයක් ඒ අවස්ථාවේදී ඇතිව තිබුණා.

පසුව දරුවන් දෙදෙනාට මවත් පියාත් යන දෙදෙනාම නොමැති නිසා කිලිනොච්චියේ ස්වේච්ඡා සංවිධාන එක්වී අස්සන් ලක්ෂයක පෙත්සමක් අස්සන් කරමින් සුදාකරන්ට නිදහස ඉල්ලා සිටියා.


 

YOU MAY ALSO LIKE