Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

තවත් සුපිරි රථයක් ගන්න රුපියල් හාරකෝටියක් ඉල්ලූ නියෝජ්‍ය ඇමති - තවත් දෙදෙනෙකුට කෝටි පහකට වඩා ඕනෑලු!

5022Views

රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ නිවස සහ කාර්යාලය නඩත්තු කිරීමට සහ තවත් නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් මිලදී ගැනීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් රුපියල් නව කෝටි හැට ලක්ෂ හතළිස් දෙදහසක  මුදලක් ලබා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් හාර කෝටි හැට ලක්ෂ හතළිස් දෙදහසක් (4,60,42,000)ද, ජාතික, සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් (4,30,00,000)ද, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ශබ්ද පද්ධතිය ස්ථාපිත කිරීම සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිල නිවෙස නවීකරණය කිරීම සඳහා වන වියදම් වෙනුවෙන් රුපියල් හැත්තෑ ලක්ෂයක්ද (70,00,000)ද වියදම් කිරීම වෙනුවෙන් වූ ප්‍රතිපාදන පියවීම සඳහා මෙම මුදල් ඉල්ලා ඇත.
 

 

YOU MAY ALSO LIKE