Saturday, February 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කඳානේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලයි - සුරූපි කතුන් අටක් පොලිස් දැලේ!

8259Views

කඳාන ප්‍රදේශයේ සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මහ පරිමාණ ගණිකා නිවාසයක් වැටලීමට වලාන දුෂණ මර්ධන ඒකකය සමත්ව තිබෙනවා.

" ඔලීවා හර්බල් ප්‍රයිවට් ලිමිටඩ්" නමින් පවත්වා ගෙන ගිය එම සම්භාහන ආයතනයේ සිටි කාන්තාවන් 08 දෙනෙක් සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගැනීමට වලාන දුෂණ ඒකකයේ නිලධාරින් සමත්ව තිබෙනවා.

මෙම සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළත් වීමේ ගාස්තුව ලෙස රුපියල් 2000 අයකරගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් කොටුගොඩ, සීදුව, නුවරඑලිය, කොළඹගේ ආර, කිඹුලාපිටිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 32-36 වයසේ කාන්තාවන් බව පොලිසිය පවසනවා.

 අත්අඩංගුවට පත් වූ පිරිස අද (20) වත්තල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.