Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කොටින්ට වන්දි දෙන්න අපේ සල්ලි...! රජයට බදු ගෙවන්න එපා...! ජනතාවගෙන් ඉල්ලීමක්...!

4631Views

වත්මන් රජය විසින් අයකරගන්නා බදු මුදල් වලින් එල්ටීටීඊ සාමාජිකයන්ට වන්දි ගෙවීමේ සූදානමක් ඇති බැවින් බදු ගෙවීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ සඳහන් කලේ  දෙමළ ඊළම ලබාදී රට බෙදීමේ වැඩපිළිවෙළට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උදව් කරන ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවයි. එසේම ලොව කිසිම රටක ත්‍රස්තවාදී සංවිධානවල සාමාජිකයින්ට වන්දි මුදල් ලබාදී නොමැති බවත්, කොටි සාමාජිකයන්ට වන්දි ගෙවීමට තීරණය කර තිබෙන්නේ ආණ්ඩුවට මොළේ අමාරුව හැදී ඇති නිසා බවත් පෙන්වා දෙමින්  එවැනි ආණ්ඩුවකට බදු ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බව  පැහැදිලි කලා.

YOU MAY ALSO LIKE