Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සිංහ පිලට තවත් ගිනි ගෙඩියක් - ප්‍රබලයෙක් ආබාධයකට - චන්දිමාල්ට බැරි වුණොත් නායකයා වේග පන්දු යවන්නෙක්!

4652Views

 

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අතර හෙට (23) ආරම්භ වීමට නියමිත තෙවන ටෙස්ට් තරඟය දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට අහිමිවනු ඇතැයි වාර්තාවනවා.

ඒ පුහුණුවීම් වලදී අතෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන්.දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරඟයටද ඔහු ක්‍රීඩා කළේ නැහැ.

මේ අතර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත ඉදිරිපත් කළ අභියාචනය අද (22) විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම විභාගය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීතීඥ මයිකල් බෙලොෆ් ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.ඒ සඳහා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග විනිසුරුවන් හා තරග තීරකවරු හා ශ්‍රී ලංකා කන්ඩායමේ පාර්ශව කිහිපයක් සහභාගි වනු ඇති බව වාර්තාවනවා.

මෙම විභාගයෙන් පසු ජගත් ක්‍රිකට් කවුන්සලය සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.කෙසේ වෙතත් චන්දිමාල්ට හෙට තරඟය ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන බවට ඊයේ වාර්තා වුණත්, අද (22) දිනයේ ක්‍රිකට් කවුන්සලයේ තීරණය මත එය රඳා පවතිනවා.මෙම චෝදනාවට  චන්දිමාල් වැරදිකරු වුවහොත් ඇතැම් විට ටෙස්ට් තරඟ කිහිපයක තහනමක් පැනවෙනු ඇති බවටත් වාර්තා පළවුණා.

රංගන හේරත්ද ආබාධයකට ලක්ව ඇති නිසා , දිනේෂ් චන්දිමාල්ටද හෙට තරඟයට ක්‍රීඩා කළ නොහැකි වුවහොත් නායකත්වය වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාලට හිමිවනු ඇතියි

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

3907
2018-07-19

Narmadha Yapa Abewardena

1554
2018-07-18

INAMI

732
2018-07-18

Rashmi Madushika

680
2018-07-18