Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඉන්ෆ්ලුවන්සාවට දුන් එන්නතට හිතාමතාම විෂබීජයක් ඇතුළු කරලා...! බිළිඳු ජීවිත බිළිගත් ඛේදවාචකයේ තවත් පැත්තක් හෙළිවෙයි...!

4677Views

පසුගිය දිනවල දකුණු පළාත පුරා පැතිර ගිය  ඉන්ෆ්ලුවන්සා වෛරසය නිසා කුඩා දරුවන් රැසකට ජීවිතය අහිමි වුනා. වෛරසය හේතුවෙන් පාසල් සහ පෙරපාසල් නිවාඩු දීම වැනි කාරනා සමඟ දරුවන්ගේ අධ්‍යාපනයටද විශාල බාධකයක් එල්ල වුනා.දකුණු පළා‍තේ ජන ජීවිතයට විශාල තර්ජනයක් එකතු කරමින්  පැතිර ගිය මෙම වෛරසය සම්බන්ධයෙන් විවිධ මත රට පුරා පැතිර යද්දී ඉන්හේලර් කිරීම සඳහා යොදා ගන්නා ඖෂධයක් හේතුවෙන් මෙම වෛරසය පැතිර ගිය බවට සැකයක් මතුව තිබුනා. ඒ අනුව සිදුකරන ලද පරීක්ෂණ වලදී අදාල ඖෂධයේ ක්ෂුද්‍ර ජීවීන් සිටින බවටද තහවුරු කරගෙන තිබූ බව පසුගියදා අප  වාර්තා කලා.

පසුව මෙම වෛරසය නිසා වැඩිම පිරිසක් මියගිය කරාපිටිය ශික්ෂණ රෝහලෙන් අප මේ පිළිබඳව විමසීමක් කල අතර එහිදී රෝහල් බලධාරියෙකු ප්‍රකාශ කලේ එම ඖෂධය වාට්ටුවලින් ඉවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න පවසන්නේ ඉන්ෆ්ලුවන්සා වයිරසය වැලඳුණු රෝගීන්ට ලබා දුන් එන්නතට වුවමනාවෙන්ම විෂබීජයක් ඇතුළත් කොට ඇති බව අනාවරණය වී ඇති බවයි. මේ  පිළිබඳ පර්යේෂණ කරන
විශේෂඥයන් විසින් අදාල එන්නතට විෂබීජයක් ඇතුළු කොට ඇති බව අනාවරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.

ඒ අනුව මෙම විෂබීජය වුවමනාවෙන්ම අදාල එන්නතට ඇතුළු කර ඇත්තේ ශ්‍රී ලංකාවේදීද එසේත් නැතිනම් විදේශ රටකදීද යන්න පිළිබඳව තවම කිසිවක් කිව නොහැකි බව ප්‍රකාශ කල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ ඉන්ෆ්ලුවන්සා වෛරස් තත්ත්වය මේ වනවිට 95% කින්ම පාලනය කර ඇති බවයි.