Wednesday, December 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"මගේ පළාත් දෙක තියලා ඉතිරි හතේ ඕන දෙයක් කරගන්න'' - බුද්ධික වැඩ භාරගන්න වෙලේ අැමති රිෂාඩ් කියපු කතාව

11843Views

කර්මාන්ත හා වාණිජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා එම ධුරයෙහි වැඩ භාර ගැනීමේ උත්සවය නාරාහේන්පිට පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (21) වැනිදා පැවැත්විණි.

මේ සඳහා කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් , රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස හා පවුලේ ඥාතීන්, පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියේය.

 බුද්ධික පතිරණ මහතා නව තනතුරේ වැඩ භාර ගැනීමට පෙර එහි අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සමග පැයක සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී බුද්ධික පතිරණ මහතාට රිෂාඩ් බදුර්දීන් පවසා ඇත්තේ තම පලාත් දෙක හැර ලංකාවේ අනෙකුත් පලාත් හතේම ගොස් ජනතාවට දැනෙන වැඩ කොටසක් ඉටු කරන ලෙසයි.




 

YOU MAY ALSO LIKE