Monday, September 24, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සියලු කඩ සාප්පු වැසෙද්දී මාතර නගරයම සුදු කොඩි වලින් සරසයි....! මියගිය පොලිස් නිළධාරියා වෙනුවෙන් ගුවනිනුත් උපහාර..! (PHOTOS)

15167Views

මාතර නිලේකා ජුවලරි ආයතනය කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් කොටුකර ගැනීමට යාමේදී කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වූ  පොලිස් සැරයන් වීරසිංහට ශෝකය පල කිරීම වෙනුවෙන් අද (24) සවස් වරුවේ මාතර නගරයේ සියලු කඩ සාප්පු වසා තැබීමට ව්‍යාපාරික ප්‍රජාව තීරණය කර තිබෙනවා.

එසේම සෑම වෙලඳ සැලක් ඉදිරිපිටම සුදු කොඩියක් දැමීමට මෙන්ම මාතර නගරය පුරා සුදු කොඩි වලින් සැරසීමට ද ඔවුන් තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. මීට අමතරව දිවි පිදූ පොලිස් සැරයන් වීරසිංහ වෙනුවෙන් ගුවනින් මල් දමා ගෞරව දැක්වීමට  ගුවන් සමාගමක් මගින් අද පස්වරුවේ සිදුකිරීමටද නියමිතව තිබෙන බව වාර්තා වනවා.

පොලිස් සැරයන් වීරසිංහ විසින් තම ජීවිතය ගැනද නොසිතා කොල්ලකරුවන් සමඟ ගැටීම නිසා නමගිය පාතාල සාමාජිකයින් රැසක් කොටුකර ගැනීමට මෙන්ම පාතාලයට සම්බන්ධ තොරතුරු රැසක්ද අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා.

 

YOU MAY ALSO LIKE