Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වෙළඳ සැළකට ඇතුල් වී අයිතිකරු වගේ හැසිරිලා...! සුනඛයාත් හොරා සමඟ මිතුරු වෙලා..! මහ රෑ වෙලඳ සැළකට ඇවිත් කරපු දේ CCTV කැමරාවෙන් හෙලිවෙයි..! (PHOTO)

4031Views

හැටන් කොටගල නගරයේ තොග සහ සිල්ලර වෙළදසැලකට ඇතුළු වු මුහුණු ආවරණය කර ගත් පුද්ගලයෙකු විසින් එම වෙළඳ සැළෙහි ලාච්චුවේ තිබු රුපියල් තුන්ලක්ෂ විසි දහසක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇති බව දිඹුල පොලිසිය පවසනවා.

පසුගිය (20) වෙනිදා අලුයම 1 ට පමණ එම වෙළද සැළට පිටුපසින් පැමිණ ඇති සැකකරු එහි තිබු ආරක්ෂිත කැමරාවක් වෙනත් දිශාවකට හරවා ඒ අසලම පිහිටි වෙළදසැල් අයිතිකරුගේ නිදන කාමරයට කිසියම් දියරයක් ඉස වෙළදසැලේ ඉදිරිපස දොර කඩා වෙළදසැළට ඇතුළු වී වෙළදසැල තුල විනාඩි 20 පමණ කාලයක් රැදි සිටිමින් එම වෙළදසැළෙහි ලාච්චුව තුල තිබු රුපියල් තුන්ලක්ෂ විසි දහසක පමණ මුදලක් සහ වෙළදසැලේ තිබු දුම් වැටි තොගයක් ගෙන ගොස් ඇති බවයි දිඹුල පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

වෙළඳසැළට ඇතුල් වූ හොරා සමඟ වෙළදසැළෙහි අයිතිකරු සුරතලයට ඇති කරන සුනඛයාද  මිත්‍ර වි ඇති බවයි සිද්ධිය පිලිබද පරික්ෂණ පවත්වන දිඹුල  පොලිසිය ප්‍රකාශ කරන්නේ.

වෙළදසැලේ ඉදිරිපස දොර විවෘතව තිබෙන බවට එදින අළුයම මුර සංචාරයේ යෙදුණු දිඹුල පොලිසියේ නිලධාරින් විසින් තමන්ට  අළුයම 2ට පමණ  දුරකථන ඇමතුමක් මගින් දැනුම් දෙන තුරු තම වෙළදසැළ තුලට සොරු පැමිණ ඇති බව නොදැන  සිටි බව වෙළදසැළෙහි හිමිකරු පවසනවා.

එදින වෙළදාම් කරන ලද මුදල් සහ අලෙවි කිරිමට තිබු දුම් වැටි මෙම සැකකරු විසින් රැගෙන ගොස් ඇති බවත්,තවත් විශාල මුදල් තොගයක් ලාච්චුවට පහලින් ස්ථානයක සගවා තිබුණද එය සැකකරුට සොයාගැනිමට නොහැකි වි ඇති බවත් සඳහන් වන අතර මෙම සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා දිඹුල පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.