Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දකුණේ පාතාලය යළි හිස ඔසවයි...! පාපැදි ශූරයෙකුට මහ දවල් වෙඩි තබන හැටි CCTV කැමරාවක සටහන් වෙයි...! (VIDEO)

15451Views

ගාල්ල-කොළඹ මාර්ගයේ හික්කඩුව, වෑවල හංදිය ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා  පාපැදියකින් ගමන් කල පුද්ගලයෙකුට    වෙඩිතබා තිබුණා. වෙඩි වැදීමෙන් අනතුරුව ඔහු  ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගියා.

මෙලෙස මියගිය පුද්ගලයා වයස අවුරුදු 30 ක් වු ඉනාසි චමින්ද නැමති අයෙතු බවට අනාවරණය කරගෙන ඇති අතර ඔහු පාපැදි තරඟ සඳහා සහභාගී වන පාපැදි ශූරයෙකු බවයි වාර්තා වන්නේ. 

මියගිය පුද්ගලයා දකුණේ ප්‍රභල පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකු බවද පොලීසිය සඳහන් කරනවා. එසේම ඔහු චෝදනා 5ක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින අයෙකු බව ද පොලීසිය සඳහන් කරනවා.