Monday, September 24, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඇලෝසියස්ලාට සිර ගෙදරදී රජ සැප - රටේ ලොකු තැන්වලට හරි හරියට දුරකථන ඇමතුම් දෙනවාලු - රාජ්‍ය බුද්ධි අංශ වාර්තාවකින් හෙළිවූ දේ

6739Views

කොළඹ මැගසින් බන්ධනාගාරයේ “එච්” වාට්ටුවේ  රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන දෙදෙනා ජංගම දුරකතන භාවිතා කරමින් ඉහළ දේශපාලනඥයන් සමඟ විවිධ සබඳතා පවත්වන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

එමෙන්ම බන්ධනාගාර ගතවූ දා සිටම මොවුන් දෙදෙනාට අනෙක් සැකකරුවන්ට වඩා විශේෂ සැලකිළි ලැබෙන බව වාර්තාවෙයි.

ඉකුත්දා මැගසින් බන්ධනාගාරයේ “ඊ හා එච්” සිර වාට්ටුවේ සිදුකළ හදිසි පරීක්ෂාවකදී සඟවා තිබූ ජංගම දුරකතන 3ක් සොයා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි සිරකරුවන් ජංගම දුරකතන භාවිතා කරමින් සියලුම පහසුකම් භුක්ති විඳින බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම සැකකරුවන් දෙදෙනා මුලින්ම එම බන්ධනාගාරයේ “ඊ” වාට්ටුවේ රඳවා සිට මෑතකදී “එච්” වාට්ටුවට මාරුකර යවා ඇති අතර. මොවුන් දෙදෙනා සමඟ එල්ටීටීඊ සැකකරුවන් සහ පාතාල සාමාජිකයින් 60ක් පමණ “ඊ” හා “එච්” දරණ සිර වාට්ටු දෙකේ රඳවා ඇතැයිද සඳහන් වේ.

YOU MAY ALSO LIKE