Sunday, September 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ෆිෆා ලෝක කුසලානයේ Missed වුන තැන් Catch කරගෙන බලන ගමන් තෑගි දිනාගන්නේ මෙහෙමයි...!

22399Views

මේ වන විට ලෝකයේම අවධානය යොමුවෙලා තියෙන්නෙ ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට. පාපන්දු ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ෆිෆා ලෝක කුසලාන තරඟාවලියේ උණුසුම ඉතා සුපැහැදිලිව ඔබේ නෙත් මානයට ගෙන එද්දි, රට වටා ගොස් පාපන්දු ක්‍රීඩාවේ අත්දැකීම ඔබට සමීප කරමින් තෑගි බෝග බෙදා හදා දෙන්නටත්  SLT PEO TV සූදානමින් ඉන්නවා.

PEO TV කියලා කියන්නෙ ටීවී බලන හොඳම විදිය කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඔබත් පාපන්දු ලෝලී PEO TV පාරිභෝගිකයෙකුනම් ඔබට ආඩම්බර වෙන්න පුළුවන්, ඔබ පාපන්දු ක්‍රීඩාවේ මහා මංගල්‍යය නරඹන්නෙ හොඳම විදියට කියලා. මොකද ඔබ ෆිෆා පාපන්දු ලෝක කුසලානය නරඹන්නෙ PEO TV හරහා නම් කාළගුණය මොනතරම් අයහපත් වුනත් කිසිම ප්‍රශ්නයක් නැතිව තරඟයේ උණුසුම අත්විඳින්න පුළුවන්. PEO TV  සම්බන්ධතාවයේ සුපැහැදිලි දසුන්  අවහිර කරන්න වැස්සට බෑ.

ඒ වගේම තමයි ඔබේ කාර්යබහුලත්වයත් එක්ක සමහර විට තරඟයේ උණුසුම්කාරී අවස්ථාවන් මඟ හැරෙන්න පුළුවන්. නමුත් PEO TV හඳුන්වාදෙන Catch – Up පහසුකම, එහෙමත් නැත්තම් Rewind කිරීමේ පහසුකම නිසා තරඟයේ සුවිශේෂී අවස්ථා පහසුවෙන්ම ඔබට නරඹන්න පුළුවන්. ඉතිං මේ පහසුකම ඔබට ලැබෙන්නෙ PEO TV වෙතින්ම පමණක් බවත් අමතක කරන්න එපා.

තරඟය බලන්න ඕන කියලා ඔබේ වැඩකටයුතු මඟහැර ගන්න එපා. PEO TV Rewind කිරීමේ පහසුකම නිසා ඔයාට ඉඩ තියෙන වෙලාවක, නිදහසේ තරඟයේ උණුසුම අත්විඳින්න.

PEO TV වෙතින් SONY TEN 2  සහ SONY 6 යන නාලිකා හරහා ටීවී බලන අලුත්ම විදියත් එක්ක ෆිෆා පාපන්දු ලෝක කුසලානය ඔබට සමීප කරද්දී, රට වටේ යන SLT PEO TV KICK ප්‍රවර්ධන ට්‍රක් රථය සමඟ එක් වී වටිනා ත්‍යාගයන් රැසක් හිමිකර ගැනීමේ අවස්ථාවත් උදාකරලා දීලා තියෙනවා. ඒ අනුව ප්‍රවර්ධන ට්‍රක් රථයේ ඇති ගෝලය වෙත පාපන්දුව KICK කිරීමෙන් ඔබට ත්‍යාග හිමිකර ගැනීමට පුළුවන්.

ඉතිං ෆිෆා ලෝක කුසලානය ගැන ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන කාල සීමාවක පාපන්දු ක්‍රීඩාවේ සුපිරි අත්දැකීම විඳින්නට PEO TV සමඟ එකතුවන්නට අපි ඔබ සැමට ආරාධනා කරනවා.

 

YOU MAY ALSO LIKE