Monday, September 24, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජීවිතේට එක පාරක් කොන්ඩේ කපන චීනයේ අපූරු කාන්තාවන්

2398Views

චීනයේ හුඅන්ග්ලූ යාඕ ගම්මානයේ රතු යාඕ ගෝත්‍රිකයින් ජීවත් වෙති. රතු යාඕ ගෝත්‍රික කාන්තාවන් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඔවුන්ගේ දිගු කෙස් කළඹ නිසාවෙනි. ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම එකම අවස්ථාවකදී පමණක් ඔවුන්ගේ කෙස් කළඹ කපා දමනු ලැබේ. එනම්, වයස අවුරුදු 16 ක් සම්පූර්ණ වූ පසු, මනාලයෙකු සෙවීම සඳහා සුදානම් බව පෙන්වීම සඳහා වෙයි.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රතු යාඕ ගෝත්‍රික කාන්තාවන්ට මීටර් 2.3 ක සාමාන්‍ය දිගකින් යුත් කෙස් කළඹක් ඇත. ඔවුන්ගේ තද කළු පැහැති හිසකෙස් නිරෝගීව පවතින අතර මහළු වයසේදී වුවද ඉදීමට ලක් නොවෙයි. එහෙත්, එහි රහස මෙම කාන්තාවන් හිස සේදීම සඳහා කිසියම් ෂැම්පු වර්ගයක් භාවිත කිරීම නොව, පැසුණු හාල්පාණු ජලය භාවිතා කිරීමයි.

1987 වන තෙක් ගෝත්‍රික කාන්තාවන්ගේ කෙස් කළඹ ඉතා පාරිශුද්ධ ලෙස සලකනු ලැබිණ. එය දැකිය හැකි වුයේ ඇගේ පවුලේ අයට පමණක් විය. එහෙත්, සම්ප්‍රදායානුකූල නීති රීති ලිහිල් කිරීම නිසා මොහොතකට හෝ ලෝකයේ දීර්ඝතම කෙස් වැටි සහිත කාන්තාවන් දැක ගැනීම සඳහා පැමිණෙන සංචාරකයින්ගෙන් ගම පිරී යයි.

කාන්තාවක් ඇගේ කෙස් වැටිය සකසන ආකාරය ඇගේ සමාජ තත්වය මත රඳා පවතී:
* තරුණ අවිවාහක කාන්තාවක් කළු පැහැති සළුවකින් ඇගේ කෙස් වැටිය ආවරණය කරයි.
* දරුවන් නැති විවාහක කාන්තාවක් ඇගේ කොණ්ඩය දෙකට බෙදා ගොතයි.
* දරුවන් ඇති විවාහ වූ කාන්තාවක් ඇගේ කොණ්ඩය හිස වටා තලප්පාවක් මෙන් ඔතා ඉදිරියෙන් ගෙඩියක් බඳියි.

දිගු කෙස් කළඹක් ඇති කාන්තාවන් දිගු ආයු කාලයක්, ධනය හා වාසනාව ගෙන එනු ඇතැයි විශ්වාස කෙරේ. කොණ්ඩය දිගු වන තරමට ඇය වඩා භාග්‍යවත් වනු ඇත.

- සිසිර නිශාන්ත ගමගේ