Sunday, September 23, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හොයන්නේ බලන්නේ නැතුව ඔබත් බැන්නාද ? බුකියම කතා වූ දුම්රියේ ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න!

34151Views

පසුගිය දින ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ හුවමාරූ වූ ඡායාරූපයක් මහත් ආන්දෝලනයකට ලක්වුනා. දුම්රිය මැදිරියක දරුවෙකු අතින් ගත් පියෙකු හිටගෙන ගමන් කරනු අයුරු එම ඡායාරූපයේ දැක්විනි.

එම ඡායාරූප‍ය ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරූ වීමත් සමග බොහො දෙනෙක් එම සිදුවීම දැඩි ලෙස විවේචනයට ලක්කර තිබුනා. කෙසේ වෙතත් මෙම ඡායාරූපය පසුපස ඇති සත්‍ය කතාව යනුවෙන් ෆේස්බුක් වෙබ් අඩවියේ සටහනක් පළව තිබුනා. 

එම සටහන පහතින්,

//ගින්නක් දුන් ඡායාරූපයක් පසු පස සැඟවුණු සත්‍ය කතාව.

ඡායාරූපය දැක්කම හැමෝටම හිතෙන්නෙ වාඩිවෙලා යන අයට බනින්න තමයි.ඒක සාධාරණයි...

ඒත් අපි බලමුද ඇත්තටම වුනේ මොකද්ද කියල...

මේ ඡායාරූපය නිසා ඒ සිද්ධියට මුහුණදුන් කිහිප දෙනා ගොඩක් අපහසුතාවයකට ලක් වෙලා. පේජ් ඇඩ්මින්ලත් හොයන්නෙ බලන්නෙ නැතුව ඒවට තවත් කතා ගොතල. ඇත්ත කතාව නොදන්න හැමෝම මතුපිටින් පේන දේ දිහා බලල වාඩිවෙලා ඉන්න අයට බැනල කමෙන්ට් දාල.ගොඩක් අය ඒව ශෙයාර් කරල.

මේ ෆොටෝ එකේ වාඩිවෙලා ඉන්නෙ මගෙ යාලුවො දෙන්නෙක්.
එයාල ඉස්සරහ වාඩිවෙලා ඉන්නෙත් යාලුවො.
ජනේලෙ ගාව හිටගෙන ඉන්නෙත් යාලුවෙක්..

ඊයෙ (2018.06.04) රුහුණු කුමාරි දුම්රියෙ නැගල කොළඹ එද්දි මේ බබා වඩාගෙන අම්මයි බබාගෙ තාත්තයි කලුතර දුම්රියස්ථානයෙන් මගේ යාලුවො හිටපු දුම්රියට නැගල.ඒ වෙලාවෙ එක යාලුවෙක් තමන් ඉදගෙන හිටපු ආසනය බබාගෙ අම්මට දීල එයා ජනේලෙ ළගට ගිහින්.(ෆොටෝ එකේ ඉන්නව එයා)
මේ බබා අම්මගෙ අතේ ඉන්න බෑ කියල තාත්තගෙ අතට ගිහින්. අම්ම ගාව වාඩිවෙලා හිටපු තවත් යාලුවෙක් බබාව අරගෙන.එයාගෙ අතේ ටික වෙලාවක් ඉදල බබා ආයෙ තාත්තගෙ අතට ගිහින්.ඒත් වැඩි වෙලාවක් ඒ බබා ඉදල තියෙන්නෙත් ඉස්සරහ වාඩි වෙලා ඉන්න යාලුවෙක්ගෙ ඔඩොක්කුවෙ.
මේ පවුලම කොටුව දුම්රියස්ථානයෙදි බැහැල ගිහින්..

ඔන්න ඕක තමයි මේ ඡායා රූපය පසුපස සැගවුණු සත්‍ය කතාව.//

උපුටා ගැනීම : නදීපා නිලානි,







 

 

 

 

 

YOU MAY ALSO LIKE