Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"පෙම්වතා නිවසට ගෙන්වා පෙම්සුව විඳිද්දී අත්තම්මාට හසුවෙලා" කවා පොවා දැඩි කළ අත්තම්මා මරා දැමූ පාසල් සිසුවිය!

12630Views

සාරධර්ම සහ අධ්‍යාත්මික වටිනාකම් වලින් මිදෙනා සමාජය දිනෙන් දිනම පිරිහෙමින් පවතී. මේ බව තහවුරු කරනා සාධක ඕනෑ තරම් සමාජයෙන් හමුවේ. එවැනි අවාසනාවන්ත කතා පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.

මේ කතාව සිය පහත් ආශාවන් සපූරා ගැනීමට ගොස් එයට බාධාවක් වූ තමන් දැඩි කළ මිත්තණිය මරා දැමීමට කුරිරු වූ දාහත් හැවිරිදි පාසල් සිසුවියක් පිළිබදවය.

දෝන කාන්ති කුමාරි සෙනවිරත්න වන හැට හත් හැවිරිදි තිදරු මව පදිංචිව සිටියේ කටුගස්‌තොට කහල්ල ප්‍රදේශයේය. ඇයට දියණියන් තිදෙනෙකි. වැඩිමහල් දියණිය විවාහපත්ව පොළොන්නරුවේ පදිංචිව සිටියි. කාන්ති කුමාරිගේ තනි නොතනියටත් වැඩිදුර අධ්‍යාපනය පිණිසත් පොළොන්නරුවේ සිටි වැඩිමහල් දියණියගේ දියණිය කටුගස්‌තොට නතර කොට ඇත්තේ දැනට වසර පහක පමණ සිටය. මෙම තුච්ඡ කතාවේ කතා නායිකාව ඇයය. 

ඇය වීරසූරිය මුදියන්සේලාගේ නෙත්මි කාවින්දි වීරසූරිය ය. වයස අවුරුදු දහහතකි. කටුගස්‌තොට නවයාලතැන්න ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන ඇයගේ පෙම්වතා මහනුවර අම්පිටියේ පදිංචි මුණසිංහ මුදියන්සේලාගේ විමර්ෂණ අභිෂේක්‌ මුණසිංහය. ඔහුගේ වයස අවුරුදු දහඅටකි. ඔහු අම්පිටිය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබයි. 

පෙර සිටම වරදේ බැඳී සිටියද මෑත වූ අධම කතාව ඇරඹුනේ ජුනි මස 24 රාත්‍රියේදීය. එදින රාත්‍රියේ කාවින්දි තමන්ට නුහුරු නොවූ ආශාවන් උදෙසා සිය පෙම්වතා කටුගස්‌තොට කහල්ල නිවසට ගෙන්වා ගෙන ඇත්තේ රාත්‍රී නවයට පමණය. දෙදෙනා හොර රහසේ පෙම්සුව විඳිමින් නින්දට වැටී ඇත්තේ කාටත් හොරාය. අත්තම්මා සුපුරුදු පරිදි අලුයම අවදිවී මිණිපිරියට තේ කෝප්පයක්‌ සාදා ඇය අවදිකොට පාසල් යෑවිය යුතුය යන චේතනාවෙන් කාමරයට ගොස්‌ ඇත්තේය. එවිට දුටු දසුනින් බිය වූ ඇය කෑ ගසන්නට ඇත. එසැනින් අත්තම්මා ඉදිරියට ආ පෙම්වතා අත්තම්මාට පොලු පහරක්‌ දුන්නේ දෙවරක්‌ නොසිතා වන්නට ඇත. ඉන් නොසැලුනු අත්තම්මා වෙත මිණිපිරියද පොලු පහර දුන් බවට තොරතුරු පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණයව ඇත්තේය. 
 
නිසල වූ අත්තම්මාගේ සිරුර ඇඳ යටට දැමූ පාසල් පෙම්වත්තු දෙපළ ඇයගේ නිසල දේහය කොහේ හෝ ගෙන ගොස්‌ දමන්නට සැලසුම් සකස්‌ කොට ඇත්තේ මෙම මොහොතේය. මිත්තණිය මරා දැමුණු පෙම්වතුන් යුවළ නිවසින් පිටව ගොස් පොලිතින් උර ගම් ටේප් රැගෙන ලේවැල්ලට ගොස්‌ ඇත්තේ කුලී පදනම මත කාර් රථයක්‌ ගෙන එන්නටය. 

ඉන් අනතුරුව රාත්‍රී එලැඹෙද්දී මෙම තරුණ යුවළ කුලියට ගත් වැගන් ආර් වර්ගයේ කාර් රථයෙන් නිවසට පැමිණි ඔවුන් මරා දැමූ අත්තම්මා කලු ඉටිකවරයක්‌ තුළට ගුලි කොට දමා ටේප් දමා අලවා කෙසෙල් කැනක්‌ ගෙන යන්නා සේ ගෙන ගොස්‌ කාර් රථයට දමා ඇත්තේ හිත් පිත් නැති උම්මත්තකයින් ගාණටය. 
 
මිණිපිරිය බඩගින්දරේ නොතබා කුසපුරවා අහර කවා, හිස්‌බඩ අවදි නොකොට කිරී දී ඇහැරවන්නට සිතා කාමරයට හිස පෙව් අත්තම්මාට පොලිතින් උරයට වැටී අවසන් ගමන් යන්නට සිදු වේයෑයි ඇය සිහිනෙකුදු සිතන්නට නැත.

ඝාතනය සිද්ගු කරද ලොවට රහසක් වශයෙන් එය තබා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැත. පොලිස් පරීක්ෂණ වලින් සියල්ල හෙළිදරව් වී තිබේ.

කාන්ති සෙනෙවිරත්නගේ අතුරුදහන් වීමත් සමග විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් ද ඇයගේ නිවසට පැමිණ පරීක්‌ෂණ පැවැත්තුව ද කිසිදු හෝඩුවාවක්‌ සොයා ගත නොහැකි වී තිබිණි. අසල්වැසියන්ගේ තොරතුරු මෙන්ම අසල වූ නිවාසවල වූ පෞද්ගලික සිසිටීවී කැමරා දර්ශන පරීක්‌ෂා කළ පොලිසියට හෝඩුවාවන් කිහිපයක්‌ ඔස්‌සේ පරීක්‌ෂණ ආරම්භ කළ හැකිව තිබිණි. කාවින්දි හා පෙම්වතාගේ තොරතුරු ඔස්‌සේ පරීක්‌ෂණ ආරම්භ කළ පොලිසියට කාවින්දිගේ ප්‍රකාශයන්හි කුහුලක්‌ ඇති බවට සැකය ඇතිව තිබිණි. ඒ හරහා පෙම්වතාද ගෙන්වා දෙදෙනා දෙපොලහි තබා කළ ප්‍රශ්න කිරීම් ඔස්‌සේ සියල්ල අනාවරණය කර ගත හැකි වූයේ පොලිස්‌ ක්‍රමවේද අනුවය. ඒ අනුව ජුලි පළමුවැනි දින පාසල් පෙම්වත්තු අත්අඩංගුවට පත්වූහ. 

මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු කාවින්දි විරසූරිය සහ විමර්ෂණ මුණසිංහ වෙත එල්ලවි තිබුණු මිනී මැරුම් චෝදනාව වැඩ බලන මහෙස්‌ත්‍රාත් සුනිල් වීරකෝන් මහතා හමුවේ විභාග කෙරිණි. වැඩිදුර විමර්ශනය සඳහා පොලිසියට අවස්‌ථාව ලබා දෙමින් විමර්ශන මුණසිංහ ලබන දහවැනි දින තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කළ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා දහහත් හැවිරිදි කාවින්දි වීරසුරිය හාරගම රැඳවුම් මධ්‍යස්‌ථානය වෙත භාර කෙරිණි.