Tuesday, November 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පරම්පරා ගණනක් Style එකට පදින Vespa ස්කූටරේ නැවතත් වෙළඳපොලේ (PHOTOS)

29567Views

නිකමට වගේ සීයාගෙන්, එහෙමත් නැත්නම් තාත්තාගෙන් අහලා බලන්න අද අපි ඔයාලට කියන්න යන Vespa (වෙස්පා) ස්කූටරය ගැන. අනිවාර්යයෙන්ම ඔබට රස කතා රැසක් දැන ගන්න ලැබේවි.

1884 වසරේ සිට මේ දක්වා වසර 134 ක පළපුරුද්දක් ඇති ඉතාලියේ අංක එකේ සමාගමක් වන Piaggio සමාගම විසින් Vespa ස්කූටර් නිෂ්පාදනය කරයි. 1946 දී, හරියටම වසර 72 ප්ර ථමයෙන් මේ Piaggio සමාගමේ හරි අපුරු සිදුවීමක් සිදුවුනා.

අතීතයෙ විවිධ මෝටර් සයිකල් භාවිතයේ තිබුනත් පිරිමි සහ ගැහැණු දෙපාර්ශ්වයටම ධාවන කල හැකි මෝටර් සයිකලයක් හඳුන්වා දී තිබුනේ නැහැ. Piaggio සමාගම තම ප්‍රධාන ව්‍යාපාරය ලෙස කරන ලද්දේ ගුවන්යානා නිෂ්පාදනයයි. මෙම ගුවන්යානා Design කරන ප්‍රධාන Designerට පිරිමි සහ ගැහැණු දෙපාර්ශ්වයටම ධාවනය කල හැකි මෝටර් සයිකලයක් නිර්මාණය කිරීමේ කටයුත්ත Piaggio මහතා විසින් භාර දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලොව ප්‍රථම වතාවට ස්කූටරය ලෝකයට හඳුන්වා දුන්නා. මෙම ස්කූටරය Vespa නමින් හැඳින්වුවා.

ගුවන් යානා නිර්මණයේදී භාවිතා කරන Design එකට සමාන සිත් ඇදගන්නා සුළු නිර්මාණයක් වූ මෙම ස්කූටරයේ සැම කොටසක්ම අර්ථයක් ඇතිව නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. Steel body එකකින් නිර්මාණය කර තිබුණු මේ Vespa ස්කූටරය ඉතාම සුළු කාලයක් තුලදී ලොව පුරා ප්‍රචලිත වීමට පටන් ගත්තා. මෙම ඉතාලි නිෂ්පාදකයා අදටත් Vespa ස්කූටරයේ තත්වය එලෙසම පවත්වාගෙන යනවා.

ලංකාවේ බොහෝ දෙනෙක් සතුව තවමත් පැරණි Vespa ස්කූටර් තිබෙනවා.වසර 40-50 ක් පැරණි Vespa ස්කූටර් මාර්ගයේ ධාවන වන විට සියලු දෙනාගේ ආකර්ෂණයලබා ලබන්නේ මෙම ඉතාලී ස්කූටරේ තිබෙන එයටම විශේෂිත පෙනුම නිසා. Vespa ස්කූටරයට ලොව වටා ඇති වැඩි ඉල්ලුම නිසාම Vespa ස්කූටර් නිෂ්පාදනය රටවල් 7ක් සහ නිෂ්පාදනාගාර 11 කින් සමන්විතයි.

එම නිෂ්පාදනාගාර ගැන දැක්වෙන වීඩියෝව පහතින් බලන්න,

 
 
 
 

Vespa ස්කූටරයට ආදරය කරන අය සහ ස්කූටරයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන අයට අද අපි කියන්න යන්නේ ලංකාවේ මාර්කට් එකට ගෙනෙන නවතම Vespa ස්කූටරය ගැන.

 

 
 
 
 
 

ඉතාලී තාක්ෂණයෙන් සහ ඉතාලී ජාතිකයන්ගේ උසස් තත්ව පරීක්ෂාවෙන් ඉන්දියාවේ නිෂ්පාදනාගාරයේදී නිෂ්පාදනය වෙන Vespa ස්කූටරය ඉදිරිපස 200mm Disk Break පද්ධතියකින් සහ 150CC Euro 3 අධිබලැති ඉන්ජිමකින් සමන්විතයි. අධිබලැති එන්ජිම නිසාම තප්පර 10කට අඩු කාලයක් තුලදී පහසුවෙන්ම පැයට කිලෝමීටර 100ක වේගයක් ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා. හදිස්සි තත්වයකදී ස්කූටරය පහසුවෙන්ම නවතා ගැනීමට 200mm Disk Break පද්ධතිය සහය වෙනවා.

තවත් විශේෂත්වයක් වන්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කලත් ඉතාලී තාක්ෂණයේ උසස් බව නිසාම Vespa ස්කූටරයේ අමතර කොටස් ක්ෂයවීමේ ප්‍රතිශතය ඉතාමත් පහල මට්ටමක පවතිනවා. මේ හේතුව නිසාම Vespa ස්කූටරය අවරුදු 10ක් 15ක් කිසිම
කරදරයක් නැතිව ධාවනය කල හැකියි (Low Maintenance).

Vespa ස්කූටරයටම අවේනික වූ Riding Comfort (ධාවනයේ පහසුව) සහ එයටම අවේනිකවූ සමාජයේ ආකර්ෂණය ගැන අත්දැකීමක් ලබා ගැනීමට Colonial Motors ගෙනෙන නවතම Vespa ස්කූටරයේ Test Ride එකක් ලබාගන්න.

දැන්ම Colonial Motors අමතන්න 076 36 99 555

YOU MAY ALSO LIKE