Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

‘‘ආදරෙයි ගොඩක් මං වෙච්චර කල් තාත්තත් නැතිව බලා ගත්තට‘‘ ලිපියක් ලියා තරුණියන් දෙදෙනෙකු දුම්රියට ගෙල තබයි...! (PHOTO)

11152Views

 

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් ඊයේ (10) රාත්‍රී පමණ ගම්පහ සහ දාරළුව දුම්රිය ස්ථාන අතරදී දුම්රියට ගෙළ තබා සියදිවි හානිකරගෙන තිබෙන බව වාර්තා වනවා.ඊයේ රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට ගෙල තබා මෙලෙස සිය දිවි හානිකරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එම තරුණියන් දෙදෙනා කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ කරන බවට අනාවරණය කරගෙන ඇති බව සඳහන් වන අතර  එක් තරුණියක් විසින් ලියන ලද ලිපියක්ද එම ස්ථානයේ තිබී සොයා ගෙන තිබෙනවා. මීට අමතරව එම ස්ථානයේ   තිබී ගමන් බෑගයක්,  විදේශ ගමන් බලපත්‍රයක්,සේවා හැඳුනුම්පතක්,ජංගම දුරකථන දෙකක් සහ යතුරක්ද සොයා ගෙන තිබෙනවා.

එම ස්ථානයේ තිබී හමු වූ එක් තරුණියක් විසින් ලියන ලද ලිපියක මෙලෙස සඳහන් කර තිබුණා.

අම්මේ..

සමාවෙන්න හැම දේකටම, මං නිසා ඔයාලට ප්‍රශ්න වෙන නිසා තමයි මේ වගේ තීරණයක් ගත්තෙ. මං ජීවත් වෙලා හිටියොත් කවදාවත් ඔයාලට සැනසීමෙන් ඉන්න වෙන්නැති වෙයි. ඒ නිසා මං ගත්ත තීරනේ හරියි කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා හැමදේටම සමාවෙන්න. මං නිසා අඩන්න එපා.මාව අමතක කරලා දාන්න අක්කයි,අයියයි එක්ක සතුටින් ඉන්න. ආදරෙයි ගොඩක් මං වෙච්චර කල් තාත්තත් නැතිව බලා ගත්තට.

ආයෙ ගෙදර එන්නවත් සමාජෙට මුහුණ දෙන්නවත් බෑ.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.ආදරෙයි ගොඩක් ජේසු පිහිටයි...! අක්කගෙ වෙඩින් එක ලස්සනට කරන්න. මට ඔයාලව ගොඩක් වටිනවා. ඔයාලට තව දුක් දෙන්න බැරි නිසයි මෙහෙම කලේ. ජේසු පිහිටයි අම්මේ..!

මීට,

හිතුවක්කාර දුව.


 

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

3908
2018-07-19

Narmadha Yapa Abewardena

1554
2018-07-18

INAMI

733
2018-07-18

Rashmi Madushika

681
2018-07-18