Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අතීකාල දීමනා විතරක් 1,39,000 යි. නිදාගන්නෙත් නැතිව දවසට පැය 15 ක් OT කරලා. ගුවන් සමාගමේ හිටපු සභාපතිගේ රියදුරන් කළ වැඩක් ගැන හෙළිවෙයි

6726Views

 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ රියදුරන් වෙනුවෙන් අතීකාල දීමනා ඉතා අධික ලෙස ගෙවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාගම් ලේකම් ඩැලරින් තිරුකුමාර් විසින් ඊයේ (11) ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පිළිගෙන තිබෙනවා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා විසින් අසන ලද ප්‍රශ්න හමුවේ පිළිතුරු ලබා දෙමින් හිටපු සභාපතිවරයා‍ගේ රියදුරන්ට අති විශාල අතිකාල ගෙවීම් සිදුකර ඇති බවත් බොහෝ මාසවලදී මාසික අතිකාල ගෙවීම පමණක්‌ රු. 50,000 ද ඉක්‌මවා ගොස්‌ ඇති බවත් ඇය පිළිගෙන තිබුණා.

2012 වසරේදී ජුනි මාසයේදී එක්‌ රියදුරෙකුට ගෙවා ඇති අතිකාල මුදල පමණක්‌ රු. 1,38,825 ක්‌ වී ඇති බවත්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අතිකාල ගෙවීමේ ක්‍රමවේදය අනුව ගණනය කළ අවස්ථාවේදී එම රියදුරා එම මාසයේ සෑම දිනකම පැය 15.4 ක්‌ පමණ අතිකාල සේවය කර තිබෙන බවත් ඇය පිළිගත්තා. ඒ අනුව දිනකට සාමාන්‍ය  පැය අටේ රාජකාරි කාලයත් සමඟ ගණනය කළ විට ඔහු දිනකට පැය 23.4 ක් සේවය කර තිබෙනවා.

මෙම තොරතුරු වලට අනුව 2012 ජුනි මාසයේ අදාළ රියදුරු විසින් නිදිවර්ජිතව සෑම දිනකම අඛණ්‌ඩව රියදුරු රාජකාරියේ යෙදී ඇති බවට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළ අතර කොමසාරිස්‌වරුන්ද මේ පිළිබඳව විශ්මය පළකර තිබුණා.

 

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

3862
2018-07-19

Narmadha Yapa Abewardena

1548
2018-07-18

INAMI

727
2018-07-18

Rashmi Madushika

678
2018-07-18