Thursday, July 19, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

හුස්මගන්න, කතාකරන්න බැරි තරුණයෙකු සුවපත් කරමින් ලංකාවේ පළමු වතාවට කල විශ්මිත සැත්කම

4382Views

 

කොළඹ ජාතික රෝහලේ උගුර කණ නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිස්නි සතාෆ් විසින්  ශ්‍රී ලංකාවේදී පළමු වතාවට ස්වර තන්තු ආශ්‍රිත විශ්මිත සැත්කමක් සිදුකර තිබෙනවා.ස්වර තන්තු ආශ්‍රිතව ඇතිවන අසාමාන්‍ය රුධිර නාල වර්ධනයක් (හෙමොන්ජිමා) රෝගී තත්වය නිසා කතා කිරීමට සහ හුස්ම ගැනීමට නොහැකිව සිට  කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු මෙම සැත්කමට භාජනය කර තිබෙනවා.

අදාළ තරුණයාට හුස්ම ගැනීමට නොහැකිවීම නිසා ගෙළ ප්‍රදේශයට බටයක් දමා හුස්ම ගැනීමේ අවකාශය සලස්වා දී තිබූ අතර ඔහු වසර හතක පමණ කාලයක් රෝගාතුරව සිට තිබෙනවා.

කොබිලේෂන් නමැති තාක්ෂණය යොදාගනිමින්  ශ්‍රී ලංකාවේදී සිදුකරන ලද පළමු හෙමොන්ජිමා සැතකමද මෙය බවයි සඳහන් වන්නේ. එසේම වෛද්‍ය රිස්නි සතාෆ් විසින් මීට පෙරද ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව 3D සැත්කමක් සාර්ථකව සිදුකර තිබෙනවා.

 

YOU MAY ALSO LIKE

GALLERY

Hasini's 20th Birth day

3887
2018-07-19

Narmadha Yapa Abewardena

1551
2018-07-18

INAMI

732
2018-07-18

Rashmi Madushika

679
2018-07-18