Sunday, October 21, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

 “මගේ ෆේස් බුක් එක කරන්නේ කවුද කියලවත් මම දන්නේ නෑ‘‘ මහින්දට සහයදෙන ෆේස්බුක් හමුවකදී ඇසුනු අපූරු කතා එකතුවක් !

7557Views

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට  සහාය ලබාදෙන ෆේස් බුක් ක්‍රියාකාරීන්ගේ හමුවක් පසුගියදා බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට කටයුතු කරලා තියෙනවා.  ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකගේද සහභාගීත්වයෙන් පැවැත්වුනු මෙම හමුවෙදි බොහොම රස බර සිදුවීම් රැසක් වුනා කියල තමයි ආරංචි වෙන්නෙ.

මේ අවස්ථාවට සහභාගී වුනු කෙහෙළිය රඹුක්වැල්ල “මම අවුරුදු දහයක් මාධ්‍ය ඇමැති වෙලා හිටියා. ඒ වගේම මාධ්‍ය ප්‍රකාශක වෙලත් හිටියා. හැබැයි ෆේස් බුක් එකේ වටිනාකම තේරෙන්නේ දැන් තමයි” කියලා හැමදෙනාම සිනහගන්වමින් කියද්දි පැමිණ සිටි ෆේස්බුක් ක්‍රියාකාරීන්  “ඒ වුණාට ඔබතුමා ෆේස් බුක් එකේ ඉන්නවානේ” කියලා විමසුවා.

ඒ වෙලාවෙ කෙහෙලිය කිවුවෙ “මගේ ෆේස් බුක් එක කරන්නේ කවුද කියලවත් මම දන්නේ නෑ. මගේ ඔෆිස් එකේ ඉන්න කට්ටියක් තමයි ඕක කරගෙන යන්නේ” කියලා.

ඒ වගේම එම හමුවට ඇවිත් හිටපු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා “අපි දන්නේ ඉතිං ෆේස් බුක් එකේ ඇඟිල්ලෙන් උඩට පහළට යන්න විතරයි” කියලා.

කොහොම වුනත් “මහින්ද මහත්තයා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ෆේස්බුක් කණ්ඩායම් මීට වඩා පුළුල්ව ක්‍රියාත්මක වියයුතු බවත් ආසන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන නියෝජිතයින් එකතුවෙලා ෆේස් බුක් හරහා ජනතාව  අතරට යන ප්‍රායෝගික වැඩපිළිවෙළක් නිර්මාණය වෙන්න ඕන කියලා යෝජනා වෙද්දි  පැමිණ සිටි ෆේස්බුක් ක්‍රියාකාරීන් හඳුන්වා දෙද්දි  ෆේස් බුක් එකේ ඉන්න ඇත්ත නමයි බොරු නමයි දෙකම කියලා තමන්ව  හඳුන්වලා දෙන්න කියලා බැසිල් රාජපක්ෂ කිවුවෙ මුහුණු පොතේ බොරු නම්වලින් ඉන්න අයත් හඳුනාගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින්.

 

YOU MAY ALSO LIKE