Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දෝනිට දොස් කියන ඉන්දීය ප්‍රෙක්ෂකයන්ට කෝලිගෙන් කනේ පහරක්!

7334Views

එංගලන්තය සමග පැවති දෙවන එක්දින තරඟයේදී ඉන්දීය හිටපු නායක මහේන්ද්‍රසිං දෝනි ක්‍රීඩා කළ අකාරය පිළිබඳ එරට ක්‍රීඩා ලෝලීන් මෙන්ම මාධ්‍යද විවේඡනාත්මක අදහස් පලකර තිබුණි..

එම තරඟයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 86කින් පරාජයට පත්වූ අතර  පන්දු 59කට මුහුණ දුන් දෝනි රැස් කළේ ලකුණු 37ක් පමණි

මේ පිළිබඳ ඉන්දීය නායකයාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කලේ  ‘‘අප සැමටම නරක දවස් තිබෙනවා එදා අපට එවැනි දවසක් දෝනිට පමණක් නෙමෙයි‘‘ යනුවෙනි

‘ඔහු සුපුරුදු ලෙස ක්‍රීඩා නොළාම මේ දේ නැවත නැවතත් සිදුවෙනවා ඔහු හොඳට සෙල්ලම් කළාම මිනිස්සු ඔහුට ‘‘බෙස්ට් ෆිනිෂර්‘‘ කියනවා එහෙම නොවුණාම විවේඡනය කරනවා දෝනි එහෙම කළේ ඉනිම තව දුරටත් දිගු කරගන්න..ඔහුට ඒ අත්දැකීම් තිබෙනවා නමුත් සමහර වෙලාවට සිතූ පරිදි දේවල් සිදුවන්නේ නැහැ.නමුත් ඔහුගේ හැකියාව පිළිබඳ අපට විශ්වාසයි‘‘ යනුවෙනි.

කෙසේ වෙතත් දෝනිගේ ඉනිම අතරතුර ක්‍රීඩංගණයේ සිටි ප්‍රෙක්ෂයකයන් ‘‘බූ ‘‘ හඬ නගමින් දෝනිට විරෝධය පලකරනුද දක්නට ලැබිණි.
 

YOU MAY ALSO LIKE