Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පරාජයෙන් පසු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නා ආපසු ගිහින් - නවක මුහුණක් මීළඟ තරඟයට..?

6373Views

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ටබ්රේස් ෂම්සි නැවතත් සියරට බලා පිටත්ව ඇති බව වාර්තාවේ.

පුද්ගලික හේතුවක් මත ඔහු මෙසේ නැවතත් දකුණු අප්‍රිකාව බලා ගොස් ඇති අතර ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන් දිනයක් මෙතෙක් ප්‍රකාශ වී නොමැත

දෙරට අතර පැවති පළමු තරඟයේදී ෂම්සි කඩුලු 4ක් දවා ගත්තේය.

මෙම හේතුව නිසා නවක ක්‍රීඩකයෙකු වන ෂෝන් වොන් බර්ග්ට මීළඟ තරඟය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේවි යැයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.ඔහු මේ වන තෙක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගෙන නොමැත.

ෂෝන් වොන් බර්ග් දකුණු අප්‍රිකා පළමු පෙල තරඟ 96කදී කඩුලු 345ක් බිඳ හෙලා ඇත.


YOU MAY ALSO LIKE