Sunday, October 21, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අසුපිණි ඇල්ලට බිලිවුන තරුණයාගේ සිරුර දින හතරකට පසු මතුවෙයි ! (PHOTOS)

7978Views

මීට දින හතරකට පෙර අසුපිණි ඇල්ලෙන් ලිස්සා වැටී අතුරුදන්වූ විශ්ව විද්‍යාල සිසුවාගේ මළ සිරුර ඇල්ලේ පහත ජලය රැදෙන වලක උඩට මතු වි තිබියදී අද (17)  දහවල් සොයාගෙන තිබෙනවා. 

එම වසම භාර ග්‍රාම නිළධාරී එච්.ඩබ්ලිව්. අසේල කෝලිත ආරියරත්න පවසන්නේ ඊයේ 15 දින තම ග්‍රාම සේවා වසමේ පදිංචි 56 හැවිරිදි අනුර කුමාරසිරි යන අය කඹයක් යොදා ගනිමින් අසුපිණි ඇල්ල පාමුල ඇති ගැඹුරු වලට බැසීමට උත්සාහ කළද ජලයේ ගැස්ම වැඩි නිසා ඔහු නැවත උඩට පැමිණි බවයි.

කුරුදුවත්ත පොලිසියේ ඉල්ලීමකට අනුව නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක්ද පැමිණ දින දෙකක් තරුණයා සොයා ගැනිමට උත්සාහ කර ඇති අතර අසුපිනි ඇල්ලේ ජලය වැඩි නිසාත් ජලයේ පවතින ගැස්ම වැඩි නිසාත් තරුණයා වැටී ඇතැයි සැක කරන වල වෙත බැසිමට නොහැකිවී තිබෙනවා.

අසුපිනි ඇල්ලට වැටුනු මිනි 14 ක් ගොඩ ගත් එම ගම්මානයේ ජිවත් වන වයස අවුරුදු 74 ක් වන රාජපක්ෂගේ ගෙදර අබේරත්න විසින් මෙම තරුණයා සොයා දිමට කැමැත්ත ප්‍රකාශ කර තිබුණද  ඔහුගේ වයස ගැන සලකා සිය දරුවන් විසින් ඊට කැමැත්තක් ලබා නොදුන් නිසා  තරුණයා සොයා ගැනිමේ සියලු කටයුතු අසාර්ථක වී තිබුණා.

එවන් පසුබිමක අද (17)   තරුණයාගේ මළ සිරුර ජලය මතු පිටට මතු වු බව බවයි සඳහන් වන්නේ.

අරණායක, කාල්වාන පදිංචි ධම්මික සම්පත් කුරුවිට නැමැති කැළණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදෑරු මෙම සිසුවා සිය මිතුරන් සමඟ ඇල්ල නැරඹීමට ගොස්  අසුපිණි ඇල්ලේ සහ ඒ අවට ජායාරූප ලබා ගෙන තමන්ගේ ජායාරූපක් ලබා ගැනිමට ඇල්ල ආසන්නයට යෑමේදි  ගල් තලාවෙන් ලිස්සා ගොස් ඇති බවයි ඔහුගේ මිතුරන් පොලිසියට ප්‍රකාශ කර තිබුනේ.

මේ සම්බධයෙන් පළවූ පෙර පුවත් සඳහා මෙතනින් පිවිසෙන්න.


 

YOU MAY ALSO LIKE