Sunday, October 21, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පාපන්දුවෙන් ලොවම වසගයට ගත් යොවුන් තරුව එම්බාපේ, ලෝක කුසලානයෙන් ලද සියලු මුදල් පරිත්‍යාග කරයි!!

15613Views

2018 පාපන්දු ලෝක කුසලානයේදී බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ යොවුන් ක්‍රීඩක කිලියන් එම්බාපේ පාපන්දු ලෝක කුසලානයේ උපයාගත් සියලු මුදල් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

Premiers de Cordee නම් ආයතනයට මෙම මුදල් පරිත්‍යාග කිරීමට නියමිත අතර එම ආයතනය ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු  ලබන සංවිධානයකි.

 මෙවර තරඟාවලියේ තරඟ 7කට ක්‍රීඩා කළ එම්බාපේට එක් තරඟයටකදී ඇමරිකානු ඩොලර් 22 300 ක් උපයාගෙන ඇත.මීට අමකතරව ලෝක කුසලානය ජයග්‍රහණය කීරීම වෙනුවෙන් ලද ඇමරිකානු ඩොලර් 350 000 මුදලත් පරිත්‍යාග කිරීමට ඔහු තිරණය කර ඇති අතර ඒ අනුව ඇමරිකානු ඩොලර් 506 100 (රු. 81 011 424.68) මුළු මුදලක් පරිත්‍යාග කරනු ඇත.

එම්බාපේ පිළිබඳ අදහස් පළ කරන එම සංවිධානයේ සභාපති Sebastien Ruffin පවසන්නේ ඔහු විශිෂ්ඨ පුද්ගලයකු බවයි..ඔහුට දරුවන් සමග ඉතා ලෙන්ගතු සම්බන්ධතාවක් ඇති බවත් නිරන්තරයෙන් ඔවුන්ව දිරිමත් කරන බවත් Sebastien Ruffin පවසයි.

මෙවර පාපන්දු ලෝක කුසලානයේදී දක්ෂතම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් එම්බාපේ අවසන් තරඟයේගේ ක්‍රොඒෂියාවට එරෙහිව රැස්කළ ගෝලයත් සමගින් ගෝල 4ක් රැස් කළේය.


 


 

YOU MAY ALSO LIKE