Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

නැනෝ කාර් යුගයේ අවසානය තහවුරුයි - අඩු මිලට වෙළඳපොළට ආ නැනෝ කාර් නිෂ්පාදනය නවතී.

8977Views

පහළ ආදායම් මට්ටම්වල සිටින පුද්ගලයින් අතර මෝටර් රථ භාවිතය ප්‍රචලිත කිරීමේ අරමුණින් ලොව මිල අඩුම මොටර් රථය ලෙසින් 2008 වසරේ සිට නිෂ්පාදනය ඇරඹුණු ටාටා නැනෝ මෝටර් රථයෙහි නිෂ්පාදන කටයුතු 2019 වසරේ සිට නවතා දැමීමට එම සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දියානු වෙළඳපොළ තුළ මෙම මෝටර් රථය සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් පහළ බැසීම මෙම තීරණයට හේතුව බවයි සඳහන් වන්නේ.

2017 වසරේ ජූනි මාසයේ දී ටාටා සමාගම විසින් නැනෝ මෝටර් රථ 275 ක් නිෂ්පාදනය කර ඇති අතර ඉන් 25 ක් අපනයනය කර තිබුනද 2018 ජූනි මාසයේ එම සමාගම නිෂ්පාදනය කර ඇත්තේ එක් මෝටර් රථයක් පමණක් බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

මෙලෙස ඉන්දියානු වෙළෙඳපොළ තුළ ටාටා නැනෝ කාර් සඳහා ඉල්ලුම අවම වුවද  පසුගිය කාලය තුල මෝටර් බයිසිකල්, කාර් හා ට්‍රක් රථ සඳහා කැපී පෙනෙන වෙළෙඳපොළ ඉල්ලුමක් හිමි වී තිබෙනවා. ඒ අනුව 2018 ජූනි මාසයේ දී SUV ඇතුළු මෝටර් කාර් සඳහා වන වෙළඳපොල ඉල්ලුම 38% කින්ද, වාණිජ රථ සඳහා වන වෙළඳපොළ ඉල්ලුම 42% කින්ද වර්ධනය වී ඇති බවයි සඳහන් වන්නේ.මේ අතර යතුරුපැදි සඳහාවන වෙළෙඳපොළ ඉල්ලුමද  22% කින් වර්ධනය වී ඇති බව සඳහන්.

YOU MAY ALSO LIKE