Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ආපන ශාලාවේ ආදායමෙන් පාසල් සිසුන්ට නොමිලේ බස් සේවාවක් - මුදල් පසුපසම ලෝකයට අපූරු පාඩමක් කියාදෙන දැරණියගල සරත්

8035Views

පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ සේවයක් පවත්වාගෙන යන දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයකු පිළිබඳ අසන්නට ලැබේ.

මියගිය සිය මවුපියන්ටත්, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් පින් පිණිස මෙම සේවය පවත්වාගෙන යන  පදිංචි කේ.ඒ. සරත් වසන්ත මේ පිළිබඳව කියන්නේ මෙවැන්නකි.

මම ඉගෙන ගත්ත පාසලට බස් රථයක් අරගෙන දෙන්න ඕන කියලා මට අදහසක් තිබුණා. ඒ අනුව මම ෆිනෑන්ස් කරලා බස් රථයක් අරගෙන මියගිය මවුපියන්ට හා යුද්ධයේදී රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් පිණිස නොමිලේ පාසල් සේවයට යෙදවූවා.

සතියේ සෑම පාසල් දිනයකම උදෑසන 7.15ට හතරේ කණුවෙන් බස් රථය ආරම්භ කරනවා. සවසට දෙල්ඔලුව කනිෂ්ඨ විදුහල ළඟින් නැවත හතරේ කණුව දක්වා බස් රථය ධාවනය කරනවා. බස් රථය පිරෙන්න ළමයි ඉන්නවා. ඒ වගේම ඉරිදාට දහම් පාසල් ළමයි නොමිලේ ප්‍රවාහනය කරනවා. මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව මම වසරකට සැරයක් මගේ වියදමින් සිරිපාදයේ හා කතරගම එක්කරගෙන යනවා.

මම මේ සියලු දේ කරන්නේ දැරණියගල, දෙහිඕවිට මාර්ගයේ දෙල්ඔලුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ආපනශාලාවෙන් ලැබෙන ආදායමෙන්. මේ ආපන ශාලාවේ තිබෙන්නේ එළවළු කෑම පමණයි. මම මේ හැම දෙයක්ම කරන්නේ හිතේ සතුටින්. අපි ලක්‍ෂ ගණන්, කෝටි ගණන් හම්බ කෙරුවත් මේ සියලු දේ මැරෙන කොට දාලා යන්න වෙනවා. අපි කරපු හොඳ දෙයක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නේ.

මගේ බලාපොරොත්තුව ‍ෙදාර දෙකේ බස් රථයක් අරගෙන දෙහිඕවිට ඉඳලා දැරණියගලට පාසල් බස් රථයක් යොදවන්නයි.


 

YOU MAY ALSO LIKE