Saturday, January 19, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කෝලි ඉදිරියේ කළ අමුතු සැමරීම ගැන එංගලන්ත නායකයා කණගාටුවෙන් - ඒ ගැන මම පසුතැවෙනවා.. ක්‍රිකට් පිටියේදී කළ වඩාත් අපහසුම වූ දෙය එයයි‘

14094Views

ඉන්දියානු කණ්ඩායම සමග පැවති තෙවන තරඟය අවසානයේ ක්‍රිකට් පිත්ත බිම දමමින් තමා  කළ ‘‘මයික් ඩ්‍රොප්‘‘ ආකාරයේ සතුට සැමරීම ක්‍රිකට් පිටියේදී කළ වඩාත්ම අපහසු වූ දෙය බව එංගලන්ත නායක ජෝ රූට් පවසයි.

පිට පිට ශතක දෙකක් ලබා ගනිමින් එංගලන්තය, ඉන්දියාවට එරෙහි එක්දින තරඟාවලි ජයක් කරා ගෙන ගිය ජෝ රූට් එම තරඟය අවසානයේ ක්‍රිකට් පිත්ත අතින් ගිලිහමින් සතුට සැමරුවේය.

‘ඒ ගැන මම පසුතැවෙනවා..මම ක්‍රිකට් පිටියේදී කළ වඩාත් අපහසු හා අමුතුම දෙය එයයි‘ යනුවෙන් රූට් පවසයි.

සිය 13 වන ශතකය රැස් කළ ජෝ රූට් මෙහිදී එංගලන්තය වෙනුවෙන් වැඩිම ශතක ප්‍රමාණයක් වාර්තා කළ පිතිකරු ලෙසද ඉතිහාසයට එක්විය