Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"නම අර්ජුන, ඉපදුනේ ලෝක කුසලානය දිනපු දවසේ" ලෝක කුසලානය දිනූ නායකයාට වාසනාව කැන්දූ අපූරූ හස්තියා හමු වෙලා! (PHOTOS)

6915Views

ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනූ 1996 මාර්තු 17 වැනිදා උපන් අර්ජුන හස්තිරාජයා ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග හමුවීමේ  සිදුවීමක් කතරගම පුදබිමේදී සිදු විය. ලෝක කුසලානය දිනීම සඳහා නායකත්වය දුන් අමාත්‍ය අර්ජුන රණතුංගට ගෞරවයක් ලෙස අර්ජුන හස්තිරාජයාට එම නම තබා තිබේ. 

අර්ජුන හස්තිරාජයාත් අර්ජුන රණතුංගත් මෙතෙක් කිසිම දවසක හමු වී නැත. පළමු වතාවට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අර්ජුන හස්තිරාජයා දුටුවේ ඊයේ (21) රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල උත්සවයේ නවවැනි පෙරහැර අතරතුරදීයි. 

පෙරහැරට සමගාමීව දේවාල භූමියේ ආලෝක පද්ධතිය විවෘත කිරීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතින් සිදුවිය. අනතුරුව පෙරහැර අතරතුදී අර්ජුන හස්තිරාජායාට ආහාර සංග්‍රහයක් කිරීමටද අර්ජුන රණතුංග මහතා අමතක කළේ නැත. අර්ජුන අලියා මේ වන විට දික්වැල්ල වැවුරුකන්නල බුදුරජ මහා විහාරස්ථානයේ භාරව සිටී.

 ඡායරූපයෙන් දැක්වෙන්නේ අර්ජුන හස්තිරාජයාට අමාත්‍ය අර්ජුන රණතුංග විසින් ආහාර සංග්‍රහයක් කළ අයුරුයි.

 


 

YOU MAY ALSO LIKE