Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කුඩා කල සිටම පැවති සිහිනය පාට කරමින්, කලා ලොව සොඳුරු සිත්තම් මවන දිරිය දියණිය (PHOTOS)

5881Views

ලක්නා කිත්මිණී කියන්නෙ පුංචි කාලෙ ඉඳන්ම බොහෝ විෂය ක්ෂේත්‍රයන්ට දක්ෂතාවයක් දක්වපු කෙනෙක්. 1994 ඔක්තෝම්බර් මාසෙ 08 වෙනිදා උපත ලැබූ ඇය සහජ කුසලතා රැසකින් සමන්විත තරුණියක්. කුඩාකල සිටම ක්‍රීඩාවට දක්ෂතාවයන් දැක්වූ ඇය මළල ක්‍රීඩා තරඟ ඔස්සේ ජයග්‍රහනයන් රැසක් හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම ඇය චිත්‍ර කලාවටද බොහෝ සේ ඇලුම්කල තරුණියක්.

2013 වසරේදී කොළඹ යශෝදරා විද්‍යාලයෙන් වාණිජ අංශය ඔස්සේ උසස් පෙළ හදාරා සමත්වන ඇය පාසල් ජීවිතයෙන් පසුව ඡායාරූප ක්ෂේත්‍රය පිළිබඳ පාඨමාලාවක් හැදැරීමට අවස්ථාව උදා වනවා. ඒ අනුව ඇය එම පාඨමාලාව හදාරා නිම වන්නටත් පෙර ඡායාරූප ප්‍රදර්ශනයකට සහභාගී වීමට අවස්ථාව හිමි වී ඉන් ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමේ අවස්ථාවද හිමිකරගන්නවා.

ඉන් නොනැවතුනු ඇය යථාරූපී චිත්‍රකලාවට යොමු වී ප්‍රසිද්ධ චරිත චිත්‍රයට නැගීමට යොමුවනවා. එසේම නව අත්හදා බැලීමක් ලෙස තෙල් සායම් චිත්‍රකරනයට යොමුවී ඇය ඉන් ලැබූ සාර්ථකත්වයත් සමඟ “Sparking Spirit” නමින් චිත්‍ර ප්‍රදර්ශනයක්ද පැවැත්වීමටද මීට කටයුතු කර තිබුණා.

ඇය දැනට ක්ෂේත්‍රයේ “Fashion Designer” රැකියාවක නිරත වන අතර  AMDT Visual Communication HND පාඨමාලාවද සම්පූර්ණ කර තිබෙනවා. මේ අතරතුරේ ඇය විසින් චිත්‍ර කලාවේ නැවුම් අත්දැකීමක් ඔබට ලබාදෙන්නට ඇයගේ සිතුවම් ප්‍රදර්ශනයක් පවත්වන්නටත් කටයුතු සූදානම් කරලා තියෙනවා.

ඒ අනුව එළඹෙන අගෝසුතු මස 04 සහ 05 යන දිනයන්හිදී ලයනල් වෙන්ට් ප්‍රදර්ශනාගාරයේදී ඇයගේ සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඇය සතු විවිධ ශෛලියේ විවිධ තේමාවන් යටතේ ඇති සිතුවම් රැසක් එහිදී එළිදක්වන්ට කටයුතු සූදානම් කර තිබීමත් විශේෂත්වයක්.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

YOU MAY ALSO LIKE