Sunday, October 21, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජනපතිට, අගමැතිට ආරක්ෂාව දුන් ‘‘ඩොලී‘‘ අවසන් ගමන් යයි - පොලිස් උත්තමාචාර මැද ඩොලී සමුගත් හැටි (PHOTOS)

6797Views

මඩකලපුව පොලිස් විශේෂ අංශයේ වෙඩි බෙහෙත් සෙවීමේ මෙහෙයුම් වල නිරත වූ ‘‘ඩොලී‘‘ නමැති පොලිස් සුනඛයා මියගොස් තිබෙනවා. නෙදර්ලන්තයේ උපත ලද මෙම සුනඛයා 2011 වසරේ සිට මෙරට වෙඩි බෙහෙත් සෙවීමේ මෙහෙයුම් සදහා සම්බන්ධ වී ඇති අතර එම සුනඛයා වසර 7 කට වඩා වැඩි කාලයක් වෙඩි බෙහෙත් සෙවීමේ කටයුතුවල නිරත වී තිබෙනවා.

අවස්ථා 200 කදී පමණ වෙඩි බෙහෙත් සොයා ගැනීමට දායක වී ඇති මෙම සුනඛයා ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරවලදි  ආරක්‍ෂක කටයුතු සදහා යොදා ගැනීමද විශේෂත්වයක් වනවා.

මෙම සුනඛයාගේ අවසන් කටයුතු ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු පොලිස් උත්තමාචාර මැද ඊයේ (21) මඩකලපුවේදී සිදු කෙරුණා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

 

 

 

 

YOU MAY ALSO LIKE