Tuesday, November 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජීවිත උඩු යටිකුරු කරන ග්‍රහණ රැසක් - ග්‍රහ බලපෑම් වලින් මිදී වාසනාව උදාකර ගන්න මේ දේවල් කරන්න

10148Views

මෙම කාල වකවානුව තුළදී සූර්ය ග්‍රහණ දෙකකුත් එක් චන්ද්‍ර ග්‍රහණයකුත් සිදු වනවා. අර්ධ සූර්ය ග්‍රහණයක් ජූලි මස 13 වනදා සිදුවුණ අතර පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ජූලි මස 28 වනදා පෙරවරු 01.53 ට සිදුවනවා(ලංකාවේ වේලාවෙන්). එමෙන්ම අර්ධ සුර්යග්‍රහණයක් අගෝස්තු මස 11 සිදු වනවා. මෙම ලිපිය හරහා අවධානය යොමු කරන්නේ චන්ද්‍රග්‍රහණය තුළදී ඔබට ඔබගේ කර්මජ ගැටළු අවමකරගත හැකි ආකාරය පිලිබදවයි.

චන්ද්‍රග්‍රහණය සිදුවන්නේ මකර රාශියේ සුවන නැකතේ පළමුවන පාදයේ. යම් කිසි පුද්ගලයෙකුගේ ජන්ම නැකත හෝ සම්පත් හෝ මෛත්‍රී නැකතකට සුවන නැකත වැටී ඇත්නම් එම පුද්ගලයන් කල්පනාවෙන් කටයුතු කළ යුතු මාස තුනක කාලයක් ඉදිරියට පවතිනවා.

මෙසේ චන්ද්‍රග්‍රහණය බලපාන නැකත් වන්නේ කැති, උත්‍රපල්, උත්‍රසල,අද , සා,සියාවස නැකත්.

මෙම නැකත්වල උපන් පුද්ගලයන් හෝ මෙම නැකත් ලබද්දී තමන්ගේ පළමු රාශිය ලැබූ පුද්ගලයන් තමන්ගේ වර්ධනය සහ මානසික පිළිබද වඩාත් කල්පනාවෙන් කටයුතු කළ යුතු වනවා. මේ වනවිටත් ඉහත සදහන්කළ නැකත් සහිත පුද්ගලයන්ට විවිධ බාධක සහ අභියෝග මතුවෙමින් පවතිනවාට සැකයක් නැහැ.

එමෙන්ම යම් පුද්ගලයෙකුගේ කේන්ද්‍ර සටහනේ ග්‍රහයෙකු සුවන නැකතේ තැන්පත්ව පවතින විට එම පුද්ගලයාගේ ජීවිතයේ විවිධ බාධක ඇතිවන බව පෙන්නුම් කරනවා. විශේෂයෙන් සුවන නැකතේ තැන්පත්වන ග්‍රහයාගේ නෛසර්ගික කාරකත්වය මෙන්ම ජෛමිනි සූත්‍රයේ සදහන් කාරකත්වය අනුව එම ග්‍රහයා හරහා තමාට බලපෑ හැකි ගැටළු පිළිබද සැලකිලිමත්වීම සිදු කළ යුතු වනවා.ඔබ මතක තබාගත යුතු කරුණක් වන්නේ ග්‍රහණයකින් අනතුරුව තමන්ගේ ජීවිත උඩු යටිකුරු වීමටද හැකියාව පවතින බවයි.

චන්ද්‍ර ග්‍රහණය සිදුවන්නේ පුර පෝය ගෙවී යද්දී. උත්‍රසල නැකත අවසන්වීමත් සමගම සුවන නැකතේ මුල්ම පාදයේදී මෙම චන්ද්‍රග්‍රහණය සිදුවනවා. මෙම ලක්ෂය 'අභිජිත්' නැකතට සම්බන්ධවන පථයද වනවා. එම නිසා ඉදිරි මාස තුනක කාලයේදී සුවන නැකතින් මෙන්ම අභිජිත් නැකතින් ශුභ කටයුතු ඇරබීම යහපත් නොවනවා.

ග්‍රහණයක් යනු අල්ලාගැනීමක් මෙන්ම ශක්තියද ඇදගැනීමේ කාර්යයක් වනවා. මේ නිසා ග්‍රහණයකින් අනතුරුව සියලුම ශක්ති කදම්බ වල චංචල බවක් දක්නට ලැබෙනවා. මෙම චංචල බව පුද්ගල ජීවිත තුළ වැඩි වශයෙන් බලපාන්නේ මේ වනවිට කුජ සහ ශනි යන ග්‍රහයන් දෙදෙනාම වක්‍ර ගමනක ගමන් කිරීම නිසයි. නමුත් මෙම ග්‍රහණ කාලය තුළදී කාල සර්ප යෝග මෙන්ම අනෙකුත් සර්ප දෝෂ ඇති පුද්ගලයන්ට මෙන්ම රාහු සහ සදු සංයෝගවී පවතින පුද්ගලයන්ගේ ගැටළු වලට යම් සහනයක් චන්ද්‍ර ග්‍රහණ පවතින දිනය තුළ ලබා හැකියි.

ග්‍රහණය තුළ ලබාගත හැකි යහපත් පල

මෙම චන්ද්‍ර ග්‍රහණය පවතින 28 වන සෙනසුරාදා දිනයේදී ඔබ කටයුතු වඩාත් සංයමයකින් සිදුකළ යුතු වනවා. මෙම කාලයේදී වැඩි කලබල ස්වබාවයක් ඇතිකරගත යුතු නැහැ. විශේෂයෙන් කාල සර්ප යෝග පවතින පුද්ගලයන්ට සහ රාහු 1,2,6,7,8,12 යන ස්ථානවල සිටිනා පුද්ගලයන්ට මෙන්ම අනෙකුත් සර්ප දෝෂ පවතින පුද්ගලයන්ට 28 වන දින 'ශිව' දෙවියන් නැමදීම යහපත් වනවා. විශේෂයෙන් 'ඕම් නමහ ශිවාය' මන්ත්‍රය කෝවිලකට ගොස් 108 වාරයක් හෝ 108 හි ගුණාකාරයන්ගෙන් භාවනා කිරීම යහපත් වනවා.

රාහු සදු ග්‍රහණය කරගැනීම හෙවත් අභිජිත් නැකත මතට පැමිණීම විශේෂ කරුණු කිහිපයක් නිරූපණය වනවා. අභිජිත් නැකත ශ්‍රී ක්‍රිෂ්ණාට සම්බන්ධ නැකතක්. ක්‍රිෂ්ණා යනු සදු හෙවත් මනස නිරූපණය කරනා විෂ්ණු අවතාරය වනවා. ඒ අනුව මනස වැසී යාම මෙම ග්‍රහණයෙන් නිරුපණය වනවා. මේ නිසා 28 වන දිනය තුළදී ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන් නැමදීම මෙන්ම 'හරේ ක්‍රිෂ්ණ' මහා මන්ත්‍රය 108 වරක් පැවසීම හරහා තමන්ගේ ගැටළු වලට යම් සහනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම මෙම දිනය තුලදී චන්ද්‍ර මන්ත්‍ර පැවසීම හරහාද තමන්ට ගැටළු අවමකර ගැනීමේ හැකියාව පවතිනවා. 'ඕම් සෝම් සෝමාය නමහ' මන්ත්‍රය හරහා සදු නැමදීමේ හැකියාව පවතිනවා.

එසේම මෙම දිනය තුළදී සර්ප පූජා පැවැත්වීම හරහා තමන්ට වැඩි වාසනාවක් උදා කරගත හැකි වනවා.

මෙම දිනයේදී බෝධි පූජා පැවැත්වීමද යහපත් වනවා. වෙනදාට බෝධිය වටා වට හතක යනවා වෙනුවට වට නවයක් ගමන් කිරීම යහපත් වන අතර බෝධි පුජාවෙන් අනතුරුව ගාථා කීමේදී මෝර පිරිත, චන්ද පිරිත සහ සූර්ය පිරිත කීම අනිවාර්යය වනවා.

එමෙන්ම මෙම දිනය තුළදී මුහුදු වතුර ස්නානය කිරීම හෝ ලුණු ජලය ස්නානය කිරීම යහපත්. මේ හරහා තමාගේ ලෙඩ රෝග මෙන්ම මානසික පීඩාද සමනය වනවා.

ඔබගේ හැකියාව පරිදි උදවු අත්‍යවශ්‍ය පුද්ගලයන්ට අහාර ලබාදීම සහ නිල් කහ වස්ත්‍ර ලබාදීමද යහපත් කටයුත්තක් වනවා.

මේ අනුව එළබෙන චන්ද්‍රග්‍රහණ කාලය තුලදී ඔබගේ කර්මජ දෝෂ නිරාකරණය කරගැනීමට උත්සාහ කරගන්න.

කසුන් සමරකෝන්

ජෝතිශ්‍යවේදී සහ හස්තරේඛා විශේෂඥ

+ 94 77 299 0719

YOU MAY ALSO LIKE