Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දිගම චන්ද්‍රග්‍රහනය අදයි - ජීවිත උඩු යටිකුරුවන අලුත් නැකැත ඔබට බලපාන්නේ කොහොමද ?

16220Views

ජූලි 28 වනදා ශ්‍රිලංකාවේ වේලාවෙන් උදේ 01.53 ට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ඇතිවෙනවා. මෙම චන්ද්‍රග්‍රහණය වසර 120කට පසු ඇතිවන දීර්ග වෙලාවක් පවතින චන්ද්‍රග්‍රහණයක් වන අතර පැයකුත් මිනිත්තු විස්සක පමණ කාලයක් පියවි ඇසින් මෙය දැකගත හැකි වනවා. නමුත් පතපොතෙහි සදහන් වන්නේ ගර්භණී මවුවරුන්ට මෙම චන්ද්‍රග්‍රහණය බැලීම හරහා යම් යම් ගැටලුවලට මුහුණදීමට ඉඩ ඇති බවයි. 

චන්ද්‍රග්‍රහණය  සුවණ නැකතේ පළමු පාදයේ. මෙම පළමු පාදය අභිජිත් නක්ෂත්රයටද අයත් වනවා. මේ නිසා මෙම ග්‍රහණයේ බලපෑම සුවන නැකතට මෙන්ම අභිජිත් නැකතටද බලපානවා. මේ බව මිට  ලිපියකදී සදහන් කළා. පූර්ණ චන්ද්‍රග්‍රහණයක බලපෑම මාස කිහිපයක්ම ඉදිරියට බලපානවා. විශේෂයෙන් චන්ද්‍රග්‍රහණයකදී මානසික වශයෙන් වෙනස්වීම් සිදුවනවා. මන්ද සදු අපගේ මනස නියෝජනය කරන බැවින්. 

සුවන සහ අභිජිත් නැකත් 

සුවන නැකත  හදුන්වන්නේ ඉගෙනීම සපල කරනා නැකතක් වශයෙන්. මෙම නැකතේ අධිපතිත්වය විෂ්ණු දරන අතර සුවන හෙවත් ශ්‍රවණ යනු අසා සිටීම ලෙස දක්වනවා. මෙම නැකතෙහි අධිපති දෙවියන් විෂ්ණු වුවත් සරස්වතී දේවියගේ බලපෑම විශේෂයෙන් දකින්නට ලැබෙනවා. 

අභිජිත් නැකතට ශ්‍රී ක්‍රිෂ්නාගේ සබදතාවයන් රැසක් පවතිනවා. ඇතැම් තැනක සදහන් වන්නේ ශ්‍රී ක්‍රිෂ්ණා තමන්වම අභිජිත් හෙවත් විජග්‍රාහී නැකත බවට හැදින්වූ බවයි. තවත් තැනක දැක්වෙන්නේ මහාභාරත සංග්‍රාමය දිනීම සදහා දුර්යෝධන අභිජිත් නැකතින් ශුභ මුහුර්තයක් තනාගත්විට ශ්‍රී ක්‍රිෂ්ණා අභිජිත් නැකත මොණර පිහටුවකට ගෙන සැගවූ බවයි.

කෙසේ වුවත් මෙම කරැණු දෙකෙන්ම සදහන් වන්නේ මකර රාශියේ සිදුවන චන්ද්‍රග්‍රහණය හරහා විෂ්ණු, සරස්වතී සහ ශ්‍රී ක්‍රිෂ්ණා පැය කිහිපයකට වැසි යන බවයි. විෂ්ණු යනු අපගේ පැවැත්ම වන අතර සරස්වතී දේවිය අපගේ ඉගෙනීම වනවා. ශ්‍රී ක්‍රිෂ්ණා සදුට අධිපතිත්වයක් දරන අතර අපගේ මනස නිරූපණය කරනවා. ඒ අනුව මෙම චන්ද්‍රග්‍රහණයෙන් අනතුරුව අපගේ පැවැත්මෙහි, ඉගෙනීමේ මෙන්ම මනසෙහිද විශාල වෙනස්කම් ඇතිවන බව සැකයක් නැහැ. 

බොහෝ දෙනෙකු චන්ද්‍රග්‍රහණය පිළිබද යම් තැතිගැනීමක් ඇතිකරගෙන සිටිනවා. නමුත් එවන් තැතිගැනීමක් කිසි ලෙසකින් අවශ්‍ය වන්නේ නැහැ. මන්ද මෙම ගතවන පැය 24ක හෙවත් ජූලි 28 වනදා අවසන් වනතුරු ඔබට ඔබගේ අධ්‍යාත්මික ශක්‍යතා හරහා වඩාත් යහපත් ප්‍රතිපල මෙම චන්ද්‍රග්‍රහණ තුලින් ලබාගත හැකි වනවා. 

නමුත් ඉදිරි මාස පමණ කාලයේදී මෙන්ම පසුගිය සති කිහිපයේදීම යම් යම් ගැටළු ඔබට මතුවූවාට සැකයක් නැහැ. විශේෂයෙන් අතීතයෙහි යටපත්ව පවතී රෝගාබාධ මතුවීම, පැරණි ණය ගණුදෙනුවල ගැටළු, අධ්‍යාපන කටයුතුවල යම් යම් බාධා මෙන්ම ඉඩකඩම් සම්බන්ධ ගැටළු මතුවීම සාමාන්‍ය ස්වබාවය වනවා. මේ නිසා ඉදිරි මාස කිහිපය වඩාත් කල්පනාවෙන් කටයුතු කිරීම වඩාත් යහපත් වනවා. 

චන්ද්‍රග්‍රහණ කාලයේදී කුමක් කළ යුතුද 

පසුගිය ලිපියෙන් මා විස්තර වශයෙන් කළ යුතු ප්‍රතිකර්ම දැක්වූවා. මෙහිදී නැවත යම් යම් ප්‍රතිකර්ම සදහන් කිරීමට කටයුතු කරන්නම්. 

විශේෂයෙන් මෙම කාලය තුලදී භාවනායෝගීව කටයුතු කිරීම යහපත් වනවා. 
'ඕම් ' ශබ්ධය ප්‍රාණය කොට කරන භාවනා මෙන්ම ඕනෑම හුස්ම සම්බන්ධ ප්‍රාණයාම හෝ ආනාපානසති භාවනා යහපත් වනවා. 
එමෙන්ම බෝධි පූජා පවත්වා චන්ද්‍ර පිරිත සහ සූර්ය පිරිත පැවසීම ඉතා යහපත් ක්‍රියාවක්.
ශිව දෙවියන් නැමදීම මෙන්ම විෂ්ණු දෙවියන්ට සහශ්‍රනාම පූජා පැවැත්වීම හෝ විෂ්ණු සහශ්‍ර නාම පූජාව ඇසීමද යහපත් වනවා. 

ඉහත ප්‍රතිකර්ම කිරීම හරහා ඔබගේ මනස පිරිසිදු වන අතර වඩාත් යහපත් ලෙස තමන් වෙත එන අභියෝග වලට මුහුණදීමේ හැකියාව ලැබෙනවා. 

කසුන් සමරකෝන් 
ජෝතිශ්‍යවේදී සහ හස්තරේඛා විශේෂඥ 
+94 - 77 299 0719

YOU MAY ALSO LIKE