Thursday, August 13, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

දිය සොයා ඉඩමට පැමිණි ගව රංචුවට වස දී ඝාතනය කරයි - මනුසත් ගුණ නොදත් කාන්තාවක් කළ පාපතර ක්‍රියාව..! (PHOTOS)

10403Views

ජලය පානය කිරීමට පැමිණි ගවයින්ට වස මිශ්‍රකොට ජලය ලබා දීමෙන් ගවයින් හතරදෙනෙකු මිය යාමේ පුවතක් වව්නියාව, සෙට්ටිකුලම තට්ටාන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සෙට්ටිකුලම පොලිසිය පැවසූවේ මෙම ගවයින් හතරදෙනෙකු ඊයේ(30) සවස සෙට්ටිකුලම තට්ටාන්කුලම ප්‍රදේශයේදී මරණයට පත්ව සිටි බවත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගවයින් ඇතුල්වූ බවට සැකකෙරෙන ඉඩමේ කාන්තාවකගෙන් සහ තවත් පිරිසකගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සිදු කල බවත්ය.

කෙසේ නමුත් ප්‍රදේශවාසීන් සඳහන් කළේ අදාළ සැක සහිත කාන්තාවකගේ වගා ඉඩම වෙත පැමිණි ගවයින් රංචුවක් වෙත එලෙස විෂ මිශ්‍රකර ජලය ලබාදි ඇති බවයි. 

වස මිශ්‍ර ජලය පානය කිරීම හේතුවෙන්  මිය ගිය ගවයින් සිවුදෙනාට අමතරව රංචුවේ සිටි තවත් ගවයෙකු  වෛද්‍ය ප්‍රතිකාර සිදුකර බේරා ගැනීමට සමත් වී තිබෙනවා.