Wednesday, August 22, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දරුවාට බියර් පොවා සිපිරි ගෙයට ගිය නරුම පියාට අධිකරණයෙන් නොසිතූ තීන්දුවක් දෙයි

12922Views

මීගලෑව, ගණන්ගමුව ප්‍රදේශයේ පුංචි දරුවකුට බියර් පෙවීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි එම සිඟිත්තාගේ පියා ඇතුළු සැකකරුවන් සිවුදෙනා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස ගල්ගමුව මහෙස්‌ත්‍රාත් ප්‍රභාත් ජයසූරිය මහතා නියෝග කළේය. 

මෙලෙස ඇප මත නිදහස්‌ කළේ දරුවාගේ පියා වන රෝහණ සරත්චන්ද්‍ර හෙවත් ගාමිණී (40), සුමේධ ප්‍රියරත්න හෙවත් ධනුෂ්ක (23), මොරගහගෙදර චන්ද්‍රසිරි (50) හා මොහොමඩ් සකීර් මොහොමඩ් සියාම් (38) යන සැකකරුවන් සිව්දෙනාය.
 
 මෙවැනි අපරාධ යළි සිදුනොකරන ලෙසත්, පැමිණිල්ලට බාධා වන අයුරින් කිසිදු දෙයක්‌ සිදුනොකරන ලෙසත්, බියර් පෙවීමේ සිද්ධිය රූගත කළ ජංගම දුරකථනය මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක දත්ත ඒකකය වෙත යොමුකර වාර්තා ලබාගන්නා ලෙසත් අධිකරණය නියෝග කළේය. 

YOU MAY ALSO LIKE