Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පළමු ඉනිමේ අහිමි වූ ශතකය දෙවන ඉනිමේදී ලබාගනී - උපන් බිමේදීම සුද්දන් අසරණ කළ කෝලිගෙන් තවත් සුපිරි පිතිහරඹයක් (VIDEO)

12582Views

සංචාරක ඉන්දීය කන්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි.

ඊයේ (20) දිනය අවසන් වන විට තරඟයේ සියලු ගෞරව හිමි කරගනිමින් ඉන්දියාව ප්‍රබල ස්ථානයක පසුවූ අතර ජයග්‍රාහි ලකුණු 521ක ඉලක්කයක් හඹායන එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 21ක් ලබා සිටියේය.

ඉන්දිය නායක විරාත් කෝලි ඊයේ දිනයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 23වන ශතකය රැස් කිරීමට සමත් වූයේය.පන්දු 197කින් වාර්තා වූ කෝලිගේ ඉනිමට හතරේ පහර 10ක්ද අන්තර්ගත වූයේය.කෙසේ වෙතත් කෝලි ලකුණු 93ක් රැස්කරගෙන සිටි අවස්ථාවේ ඔහුව දවා ගැනීමට අවස්ථාවක් ලැබූ අතර එංගලන්ත ක්‍රීඩකයන් අතින් එය මගහැරී ගියේය.ඉන්දියානු පළමු ඉනිමේදීද කෝලි ලකුණු 93ක් රැස් කළේය.

ඊයේ (20) දිනයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න
 

 

YOU MAY ALSO LIKE