Tuesday, November 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"විග්නේෂ්වරන්ගේ කතාව හරි, යුද්ධ කරේ අපේම සහෝදරයො එක්ක" විග්නේෂ්වරන් වෙනුවෙන් ඇමති මංගල පෙරට! (VIDEO)

12951Views

මංගල සමරවීර අමාත්‍යවරයා උතුරේ මානුෂීය මෙහෙයුම පිළිබදව සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබෙනවා. පසුගිය දින මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කලේ මානුෂීය මෙහෙයුම යනු අපේම සහෝදරයන් සමග සිදුවූ යුද්ධයක් බවයි. 

පසුගිය දින උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මහ ඇමති විග්නේෂ්වරන් ප්‍රකාශ කළේ උතුරු පළාතේ පවතින සියලුම යුධ ස්මාරක ඉවත් කළ යුතු බවයි. ඒ සදහා ප්‍රතිකාර දක්වමින් මංගල සරමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මංගල සමරවීර අමාත්‍යවරයා පැවසුවේ විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සාධාරණ බවයි.

මංගල සමරවීර අමාත්‍යවරයා වත්මන් රජය මගින් ක්‍රියාවට නංවන සහජීවන වැඩපිලිවෙලේ ඉදිරියෙන්ම සිටිනා අමාත්‍යවරයෙක්ද වනවා.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින්,

 

YOU MAY ALSO LIKE