Tuesday, November 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වා සුපිරිම ස්ලිප් ක්‍රීඩකයන් අතර මුලටම එයි (VIDEO)

15813Views

2015 වසරේ සිට ක්‍රිකට් පිටියේ සාර්ථකම ස්ලිප් ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත් වී තිබේ.

ඒ කුසල් මෙන්ඩිස් හා ධනංජය ද සිල්වායි.

එම ලයිස්තුවේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩූ ප්ලෙසිස්ය.ඒ 96% ක උඩ පන්දු රැක ගැනීමේ ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

මෙම ලැයිස්තුවේ දෙවන තැනට පත්ව ඇති කුසල් මෙන්ඩිස් 93 % ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර සිව්වන ස්ථානය හිමිව ඇති ධනංජය ද සිල්වා 92% ප්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.

නිමාවට පත්වූ ශ්‍රීලංකා දකුණු අප්‍රිකා තරඟාවලියේදීද ධනංජයද සිල්වා ඉතා අසීරු උඩ පන්දු කිහිපයක්ම රැකගනු දක්නට ලැබිණි.
 


 

YOU MAY ALSO LIKE