Tuesday, November 20, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"චන්ද්‍රිකාට නම් නිර්වස්ත්‍රං පරමං සුඛං" බුදු දහමට අපහාස කරන්න නාට්‍ය හදපු චන්ද්‍රිකාට විමල් කියූ සැර කතාව! (VIDEO)

14880Views

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සංහිදියා කාර්යාලය විසින් බුදු දහමට අපහාස වන සේ සකස් කළ ගුවන් විදුලි නාට්‍ය කිහිපයක් පසුගියදා කතාබහට ලක්විය. 

මෙම නාට්‍ය සදහා නම් තබා තිබුනේ බුදු දහමේ පාඨ විකෘති කරමින්, බුදු දහමට අපහාස වන අන්දමට බවද චෝදනා එල්ල වුනා. මලක දේවප්‍රිය නම් පුද්ගලයෙක් විසින් අධ්‍යක්ෂණය කළ මෙම ගුවන් විදුලි නාට්‍ය සදහා අයිරාංගනි සේරසිංහ, ලූෂන් බුලත්සිංහල, නිශ්ශංක දිද්දෙනිය, චාන්දනි සෙනෙවිරත්න, විජයරත්න වරකාගොඩ, දීපානි ද සිල්වා, මහේන්ද්‍ර පෙරේරා වැනි ජ්‍යේෂ්ඨ නලු නිළියන් පවා සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මෙම නාට්‍ය පිළිබදව විමල් වීරවංශ මන්ත්‍රීවරයා අදහස් දැක්වූවා. එහිදි මන්ත්‍රීවරයා පැවසුවේ හිටපු ජනපති චන්ද්‍රිකාට නම් "නිර්වස්ත්‍රං පරමං සුඛං" විය හැකි බවයි.

මන්ත්‍රීවරයා දැක්වූ අදහස් පහතින්,

 

 


 

YOU MAY ALSO LIKE