Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අවම වයස් සීමාව ඕන නෑ - ත්‍රීරෝද රථ වෘත්තියේ අවම වයස් සීමා යෝ්ජනාව ගැන ජනපති අවධාරණය කරයි.

12998Views

රජය විසින් ත්‍රිරෝද රථ රියදුරන් ලෙස වෘත්තියේ නියලීම සඳහා අවම වයස් සීමාව අවුරුදු 35 ක් බවට පත් කිරීමට යෝජනා කිරීමත් සමඟ ඒ පිළිබඳ විශාල කතාබහක් ඇති වුනා. කෙසේ නමුත්  අද පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ අද (21)  කර තිබුනේ ත්‍රිරෝද රථ වෘත්තිකයෙකුගේ අවම වයස් සීමාව අවුරුදු 35 ක් බවට පත් කිරීම අවශ්‍ය නොවන බවයි.

එසේම මේ  සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී  ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථ නියාමනය කිරීම සඳහා කොමිසමක් පත් කරන බවයි.

මේ අතර ත්‍රීරෝද රථ වෘත්තියට අවම වයස් සීමාවක් පැනවීමත් සමඟ ‍මෙරට තරුණයින් 90,000කගේ පමණ රැකියා අහිමි වන බවත්, 8,50,000 පමණ  ත්‍රිරෝද රථවලින් මගීන් ප්‍රවාහනය කරන බවත් පෙන්වා දෙමින් මෙම තීරණය නුසුදුසු බව ප්‍රකාශ කරමින් ඒකාබද්ධ විපක්ෂය  නිවේදනයක්ද නිකුත් කර තිබුණා.

 

YOU MAY ALSO LIKE