Tuesday, July 16, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

සියළු ඝාතන වලට උපදෙස් මාකඳුරේ මදූෂ්ගෙන් - කොස්‌ මල්ලීගේ හිස කොළඹට ගෙනා පාතාල සහෝදරයින් දෙදෙනා සියල්ල වමාරයි

18773Views

පසුගිය සමයේ විශාල කතා බහක් ඇතිකල සිද්ධියක් බවට පත්වූ  අලුත්කඩේ අධිකරණය අසලට කොස්‌මල්ලී නමැත්තාගේ හිස ගෙනැවිත් දැමීම සහ කොටහේන ජම්පටා වීදියේදී අඹුසැමි යුවළක්‌ වෙඩිතබා ඝාතනය කිරීම,ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධවූ පාතාල කල්ලියක සහෝදරයන් දෙදෙනකු පසුගියදා  කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා

මොවුන් දෙදෙනා මෙම සියලු ඝාතන  ඩුබායිහි සැඟව සිටින මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සමීපතම සගයා බව කියන කන්චිපාන ඉම්රාන් නමැත්තාගේ නියෝග සහ උපදෙස්‌ සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළි කරගෙන ඇති අතර  තම මව ඝාතනය කළ සහ පියාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකළ පාතාල කල්ලියට සම්බන්ධ පුද්ගලයන්ද මොවුන් විසින් ඝාතනය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරනවා.

එසේම මොවුන් ජම්පටා වීදියේදී අඹුසැමි යුවළක්‌ වෙඩි තබා ඝාතනය කිරීම මෝදරදී පූකුඩිකන්නා නමැති පාතාල නායකයාගේ පියා වෙඩි තබා ඝාතනය කිරීම, ජම්පටා වීදියේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර  මෙම සොහොයුරන් දෙදෙනා ජම්පටා වීදියේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කාරියක වූ සෙල්ලි නමැත්තියගේ දරුවන් බවද පොලිසිය පවසනවා.
 
 කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ නිශාන්ත සොයිසා මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම සොහුයුරන් දෙදෙනා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුනේ හෙරොයින් තොගයක්‌ සමගයි.