Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

එළඹෙන සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

9200Views

අගෝස්තු 26 සිට සැප්තැම්බර් 01 තෙක් සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය.

මේෂ

ශුභයි

ලග්නා­ධි­පති කුජ දිග්බ­ලව උච්චව දස­වැන්නේ ද රවි ස්වක්ෂේ­ත්‍රව පූර්ව පුණ්‍ය­ස්ථා­නයේ ද සිටින අතර ගුරු හතේ සිට ලග්නය දකී. මේ කාල සීමාවේ ශුභ­ඵල වැඩි­යෙන් දෙයි. තමා රාජ­කාරි කරන ස්ථානයේ දී නුව­ණින් සහ බුද්ධි­මත්ව ක්‍රියා කළ­හොත් වෘත්තීය වශ­යෙන් සැල­කිය යුතු තත්ත්ව­යක් හිමි­කර ගත හැක. ධන­ස්ථා­නා­ධි­පති සිකුරු 6 ද, ශනි නවයේ ද සිටී. ආර්ථික තත්ත්වය ශක්ති­මත්ය. සම­ගිය සාමය සුර­ක්ෂිත වේ.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - සඳුදා

කටක

ශුභා’ශුභ මිශ්‍රයි

චන්ද්‍රයා කුම්භ රාශියේ ද ගුරු 4 වැන්නේ ද රාහු ලග්නයේ ද සිටි­මින් සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­ව­ලදී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය අපේ­ක්ෂිත අන්ද­මින් නොලැබේ. ආදා­යම් ලැබීම් හොඳය. විය­දම් පක්ෂය ඉහළ යයි. අධ්‍යා­පන කට­යු­තු­වල යෙදී සිටින අයට ස්වකීය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැක. සෙම් පීඩා, හිස­ර­දය, පීනස් ගති, උෂ්ණා­ධික සහ ලේ දූෂ්‍යා­බාධ යනා­දි­යට ඉඩ ඇත.

ජය වර්ණය - ක්‍රීම් පාට, අංකය - 02, දිනය - සඳුදා

තුලා

මිශ්‍ර­ප­ලයි

ලග්නා­ධි­පති 12 සිටී. රවි අය­ස්ථා­නයේ බල­වත්ය. මෙම කාල සීමාව එත­රම්ම ශුභ­දා­යක නොවේ. බාධා අව­හිර ඉස්මතු කරයි. ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් යහ­පත්ය. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. වාසි ගෙන දේ. ගෙද­ර­දොර සම­ගිය සාමය සුර­ක්ෂිත වේ. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන පරෙ­ස්සම් වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකු­රාදා

මකර

දියු­ණු­වක් ලබයි

ලග්නා­ධි­පති ශනි වක්‍රව දොළො­ස්වැ­න්නේය. අඟ­හරු ලග්නයේ උච්චයි. කේතු සම­ගයි. ගුරු දහයේ සිටී. මෙම පිහි­ටීම් තුළ වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී සුළු සුළු බාධා අව­හි­රතා ඉස්මතු වන නිසා තර­මක් විම­සි­ලි­මත්ව ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතයි. ආර්ථික වශ­යෙන් යහ­පත්ය. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු­වීම තුළ ආදා­යම් වර්ධ­නය කළ හැක. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට විවිධ අංශ­යන්ට යොමු­වීම තුළ ආර්ථික වාසි ලබයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකු­රාදා

වෘෂභ

සාර්ථ­කයි

ලග්නා­ධි­පති සිකුරු පූර්ව පුණ්‍ය­ස්ථා­නයේ සිටිය දී සතිය ආරම්භ වේ. කුජ නවයේ උච්චයි. සඳු දහ­යේය. වෘත්තීය සහ රැකියා කට­යුතු යහ­පත්ය. මිල මුදල් ලැබේ. ගෙද­ර­දොර කට­යුතු කර­ගෙන යෑමේ දී සම­ගි­යට හා සාම­යට බාධා එල්ල නොවේ.
දුර බැහැර ගමන් කිහි­ප­යක් යෙදේ. තම ශරීර සෞඛ්‍යය ගැන පරෙ­ස්සම් වන්න.


ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකු­රාදා

සිංහ

වාසි

ලග්නා­ධි­පති රවි ලග්නයේ ස්වකේ­ෂ්ත්‍රව සිටි­යදී සතිය ආරම්භ වේ. සිකුරු දෙකේ ද ගුරු 3 ද සිටී. මිල මුදල් ලැබීම අතින් ශුභයි. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට වාසි සහ­ගත තත්ත්ව­යක් උදා කරයි. ආර්ථික වාසි ගෙන දේ. ගෙද­ර­දොර කට­යුතු සාමා­න්‍යයි. දරු­වන්ගේ කට­යුතු ගැන සැල­කි­ලි­මත් වන්න. ප්‍රේම සම්බ­න්ධතා ඇති වේ. උත්ස­ව­ව­ලට සහ­භාගි වීමට අව­ස්ථාව සැලසේ. උසස් අයගේ සහාය ලැබේ.

ජය වර්ණය - රෝස, අංකය - 01, දිනය - ඉරිදා

වෘශ්චික

සම­පල

ලග්නා­ධි­පති අඟ­හරු තුන්වැන්නේ උච්චව කේතු සමඟ සිටී. ගුරු 12 සිටී. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­ව­ලදී බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල නොලැ­බෙන නිසා බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවු­වද විය­දම් පක්ෂය පාල­නය කිරීම තර­මක් අසීරු වන නිසා මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී පරෙ­ස්සම් වන්න. අලූත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව සැලසේ.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - බ්‍රහ­ස්ප­තින්දා

කුම්භ

සාර්ථක වේ

ලග්නා­ධි­පති ශනි අය­ස්ථා­න­යේය. ගුරු නව­වැ­න්නේය. මෙම පිහි­ටීම් තුළ බලා­පො­රොත්තු කිහි­ප­යක්ම ඉෂ්ට සිද්ධ වේ. වෘත්තීය සහ රැකියා කට­යුතු කර­ගෙන යාමේ දී බාධා අව­හි­රතා ඉස්මතු වුව ද ස්වකීය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි.
ආර්ථික වශ­යෙන් ද අය­හ­පත් නැත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන කල්ප­නා­කාරී වන්න.

ජය වර්ණය - නිල්, අංකය - 08, දිනය - සිකු­රාදා

මිථුන

මිශ්‍ර­ප­ලයි

ලග්නා­ධි­පති බුධ රාහු සමග දෙවැන්නේ සිටී. සිකුරු ද ගුරු පූර්ව පුණ්‍ය­ස්ථා­න­යේය. තැන්පත් ධනය හානි­වීම් හාවි­ය­දම් අධි­ක­වීම් පෙන්වයි. ගෙද­ර­දොර කට­යුතු කර­ගෙන යාමේ දී ඉව­සී­ත්මන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි.
දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. දියු­ණු­වක් ලබයි. උගුර, බෙල්ල ආශ්‍රිත රෝග, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලට ඉඩ මතු කළ හැක.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

කන්‍යා

ගෞරව සැල­කිලි ලැබේ

ලග්නා­ධි­පති බුධ රාහු සමග අය­ස්ථා­නයේ සිටි­යදී සතිය ඇරඹේ. සෑම අතින්ම දියු­ණු­වට අදාළ කට­යුතු ඉස්මතු කළ හැක. ගරු සැල­කිලි ලැබේ. සිතට සැන­සීම සතුට ලැබෙ­නවා ඇත. අලූත් හිත මිතුර ආශ්‍ර­යට ලැබේ. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. ඉගෙ­නීමේ ආශාව වැඩි වේ. ශාස්ත්‍රා­ර­ම්භ­යට යහ­පත් කාල­යකි. තම වාසි­යට කතා කිරී­මට ඉඩ ලැබේ. වච­නයේ බලය පෙන්වී­මට ඉඩ සැලසේ.

ජය වර්ණය - කොළ, අංකය - 05, දිනය - බදාදා

ධනු

බාධා අවහිරතා

ලග්නා­ධි­පති ගුරු අය­ස්ථා­න­යේය. සෙන­සරු ලග්නයේ ද ගෝච­රය වීම තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබෙන නමුත් විටින් විට බාධා අව­හි­රතා ගැට­ලූ­කාරී ගති මතු වනු ඇත.
බුද්ධි­මත්ව ද විම­සි­ලි­මත්ව ද ක්‍රියා කරන්න. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද ඔබට මුදල් ඉති­රි­කර ගැනීම අප­හසු වේ. වෘත්තීය කට­යු­තු­වල දී සැල­කි­ලි­මත් වන්න. තම ශරීර සෞඛ්‍යය ගැන පරෙ­ස්සම් වන්න.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහ­ස්ප­තින්දා

මීන

මිශ්‍ර­ප­ලයි

ලග්නා­ධි­පති ගුරු අට­වැන්නේ සිටි­යදී සතිය ආරම්භ වේ. ග්‍රහ ගෝච­ර­යන් තුළ තමාගේ කට­යු­තු­ව­ලට බාධා අව­හි­රතා ගැටලූ උද්ගත වන බැවින් තර­මක් කල්ප­නා­කා­රීව ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා ඉස්මතු වේ.
උසස් නිල­ධා­රීන් සමග කට­යු­තු­වල යෙදීමේ දී ඉතා­මත් බුද්ධි­මත් වන්න. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවේ. නමුත් මුදල් ඉති­රි­කර ගැනීම අසී­රුය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

YOU MAY ALSO LIKE