Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ජීවිතයට වාසනාව ගෙනෙන සූර්ය රේඛාව ඔබටත් හිමිද..? හස්තරේඛා වලින් ඔබේ ජීවිතය කියවෙන්නේ මෙහෙමයි..!

5196Views

කෙනෙකුගේ වාසනාව සම්බන්ධයෙන් හගවන ලබන රේඛා වශයෙන් සූර්ය රේඛා හදුන්වන්න පුළුවන්. සූර්ය රේඛා පිළිබද අර්ථකතන ගණනාවක් පවතිනවා. ප්‍රයෝගික තලයේදී සූර්ය රේඛාව හරහා විස්තර කියනා ආකාරය පිළිබද වෙනමම සටහනක් තැබිය යුතු වනවා.  ලිපිය හරහා උත්සාහ කරන්නේ විශිෂ්ටතම  පරික්ෂා කරන්න දෙදෙනෙකු සූර්ය රේඛාව අර්ථ දක්වා ඇති ආකාරයයි. මොවුන් දෙදෙනාගේම අර්ථකතානවල යම් යම් සමානතා මෙන්ම අසමනතාද පවතිනවා.

විසි වෙනි සියවසේ මුල් භාගයේ ජීවත්වූ  William John Warner හෙවත් Cheiro නමින් වඩාත් ප්‍රසිද්ධියට පත් ගුප්ත විද්‍යාවේදියාගේ PALMISTRY  FOR ALL කෘතියෙහි සූර්ය රේඛා සම්බන්ධයෙන් සටහනක් දැක්වෙනවා.  කෘතියෙහි 62 වන පිටුවේ සිට 67 වන පිටුව දක්වා දීර්ඝ සටහනක් සූර්ය රේඛා සම්බන්ධව පවතිනවා. පළමුවැනි පින්තූරයේ දැක්වෙන්නේ එම සටහනයි.

ඒ අනුව 1-1 රේඛාව මනා කීර්තියක් දක්වා ඇති සූර්ය රේඛාව වශයෙන් හදුන්වනවා. මෙය බොහෝ දෙනෙකු වාසනාවන්ත බව සදහන් වනවා. චෙරියෝ පවසන්නේ හිරු සුර්යයාට කෙතරම් බලපායිද එලෙසම සූර්ය රේඛාව අතකට වැදගත් වන බවයි.

2-2 ලෙස සදහන් වන ජීවන රේඛාව හරහා මතුවන රේඛාව හෙවත් කඩ ඉරි සටහන්වන රේඛාවද සූර්ය රේඛාවක් වනවා. නමුත් මෙම සූර්යය රේඛාව උත්සාහය හරහා මතුවන්නක් බව පෙන්නුම් කරනවා.

3-3 කඩ ඉරි හරහා ඉරණම් රේඛාවෙන් ඉහළට නගින රේඛාව පෙන්නුම් කරන්නේ උත්සාහය හරහා රාජකාරි ජීවිතයේ ඉහළටම ගමන් කිරීමේ හැකියාව පැවතීමයි.

4-4 රේඛාව හරහා පෙන්නුම් කරන්නේ ජනතාව අතරින් නැගීසිට ප්‍රසිද්ධියට සහ කීර්තියට පත්වීමයි. මෙම රේඛාව බොහෝ විට පෙන්නුම් කරන්නේ ජනප්‍රිය නළු නිළියන්ගේ මෙන්ම ගායක ගායිකාවන්ගේ. නමුත් සමහර අවස්ථා වලදී ඔවුන්ගේ ස්ථාවරත්වය පිළිබද ගැටළු මතුවනවා. කෙසේ වෙතත් චෙරියෝ පවසන්නේ කුමනාකාරයකින් හෝ දූපතක සළකුණක් මෙම සූර්යය රේඛාවන් මත වැටීම හරහා තමන්ගේ කීර්තියට විශාල හානියක් සිදුවන බවයි.

ජපන් ජාතික හස්තරේඛා විශේෂඥයෙක් වන යසුටෝ නිසිතානි රචිත PALMISTRY REVOLUTION - SECRET KEY TO GET ALONG SUCCESSFULLY කෘතියෙහි සූර්ය රේඛා වර්ග කිහිපයක් හදුන්වා දී තිබෙනවා. මෙම කෘතිය නිමල් අරියවංශ පෙරේරා මහතා සිංහල අනුවාදය කොට ඇති අතර ලස්සණ මුද්‍රණ ශිල්පියෝ 'හස්ත රේඛා විද්‍යාවේ විප්ලවය' නමින් පළ කර තිබෙනවා. මෙම කෘතියේ 84 පිටුවේ සිට 89 පිටුව දක්වා සූර්ය රේඛාවේ විෂමතා පෙන්නුම් කරනවා.

මෙහි දක්වා ඇති දෙවන පින්තූරය එම පොතේ 87 වැනි පිටුවේ දැක්වෙන සටහනක්. මෙම සූර්ය රේඛා පිලිවෙලින් මෙසේ හදුන්වනවා.

A - උත්සාහය හරහා ජනප්‍රියත්වය සහ ගෞරවය දිනාගැනීම

B  - ඉරණම් රේඛාවෙන් ආරම්භ වීම හරහා එම ලක්ෂය සදහන් කරන වයසින් පසු සාර්ථකත්වයට පත්වීම

C - දැවැන්ත අධිෂ්ටානයකින් අනතුරුව කීර්තිය දිනා ගැනීම.

D - තම හැකියාවන් හරහා ප්‍රසිද්ධ වීම

E - ස්ථාවර ජයග්‍රහණයන් සහිත නිසල ජීවිතයක් ගත කිරීම

F - මෙම රේඛාව පෙන්නුම් කරන්නේ ජනතාව අතරින් පැමිණ ජනප්‍රියත්වයට පත්වීමයි.

G - අවංක භාවය හරහා සාර්ථකත්වයට පත්වීම

කෙනෙකුගේ අතේ සූර්ය රේඛා පැවතීම ඉතාම යහපත් කරුණක්. නමුත් තමන්ගේ අරමුණ තවමත් හදුනාගෙන නොමැතිනම් ඔබේ අතේ සූර්ය රේඛාවක් නොතිබීමට පුළුවන්. එය ගැටළුවක් බවට පත්කරගත යුතු නැහැ. මන්ද ඔබ ඔබේ උත්සාහවන්තවිම ඇරබීමත් සමගම සූර්ය රේඛාව මතුවනු ඇති.


කසුන් සමරකෝන්

හස්තරේඛා විශේෂඥ සහ ජෝතිශ්‍යවේදී

+94 77 299 0719