×
Wednesday, November 13, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

මුස්ලිම් කාන්තාවක් වගේ වෙස්වලාගෙන ඇවිත් - බුර්කාවක් ඇඳගෙන ආ පිරිමි පුද්ගලයාගේ රහස අනාවරණය වෙයි (PHOTOS) (VIDEO)

5642Views

මුස්ලිම් කාන්තාවක් ලෙස බුර්කාව ඇඳගෙන සිටි පිරිමි පුද්ගලයෙකු ඊයේ (29) වැලිකඩ ප්ලාසා පොදු වෙළඳ සංකීර්ණය අසළ රැඳී සිටියදී වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.ත්‍රිරෝද රථයකින් පැමිණි ඔහු පිළිබඳව  ඇතිවූ සැකයක් හේතුවෙන් ත්‍රිරෝද රථ රියදුරා කරන ළද  දැනුම්දීමකට අනුව සිදු කරනලද පරීක්ෂා කිරීමකදී මේ බව අනාවරණය කරගෙන තිබෙනවා.

පසුව සිදුකරන ලද පරීක්ෂණ වලදී ඔහු මුස්ලිම් කාන්තාවක් බුර්කාවක් ඇඳගෙන පැමිණි හේතුව අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව අදාල පිරිමි පුද්ගලයා අයෙකුගෙන් පළි ගැනීමේ අදහසින් මෙලසෙ වෙස්වලා ගනිමින් පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර ඔහු ලබාගත් ණය මුදලක් ගෙවා ගත නොහැකිවීම නිසා දැඩි පීඩනයකින් සිට  බවත් සඳහන්.