Tuesday, September 25, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

එළඹෙන සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

8329Views

සැප්තැම්බර් 02 සිට සැප්තැම්බර් 08  තෙක් සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය.

මේෂ
සැප පහ­සු­වට කරුණු යෙදේ

ලග්නා­ධි­පති කුජ දස­වැන්නේ උච්චව සිටී. ගුරු සිකුරු හත්වැ­න්නේය. ආදා­යම් හොඳ වේ. අලං­කා­ර­යට, සැප පහ­සු­වට අවශ්‍ය දේවල් ලබා ගනී. සමා­ජීය සහ ආග­මික කට­යු­තු­ව­ලට හිත ඇදී යයි. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ලැබීම තුළ තමාගේ කට­යුතු ලෙහෙ­සි­යෙන් කර­ගත හැක. අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට ශුභ­දා­යක වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරි­ස්සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- අඟ­හ­රු­වාදා

වෘෂභ
ශුභ­ඵල දේ

ලග්නා­ධි­පති සිකුරු ලග්න­යෙන් හය­වැන්නේ සිටි­යදී සතිය ඇරඹේ. සෙන­සුරු අටේ ගමන් කරයි. ආදා­යම් ලැබීම අතින් යහ­පත්ය. විවිධ කක්ෂේ­ත්‍ර­යන්ට යොමු­වීම තුළ තමාගේ කට­යුතු යහ­පත්ය. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ස්වකීය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. තරුණ තරු­ණි­යන් අතර ප්‍රේම සම්බ­න්ධතා ඇති වේ. උෂ්ණා­ධික රෝග, පීඩා­ව­ලින් පරි­ස්සම් වන්න.

ජය වර්ණය- නිල්,අංකය- 06, දිනය- සිකු­රාදා

මිථුන
මිශ්‍ර­පල

ලග්නා­ධි­පති බුධ තුන්වැන්නේ සිටිය දී සතිය ආරම්භ වේ. වැඩ­ක­ට­යුතු කිහි­ප­යක් බාධා අව­හි­රතා මධ්‍යයේ වුවද සාර්ථක කර­ගනු ඇත. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­යක වේ. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. ඉගෙ­නීම් කට­යුතු සාර්ථක කර ගනී. යහ­පත් ආහා­ර­පාන වර්ග ලැබේ. රාහු දෙව­නැන්නේ සිටී­මෙන් ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි. උද­රා­ශ්‍රිත රෝග, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලට ඉඩ පවතී.

ජය වර්ණය- කොළ, ජය අංක­කය- 05, දිනය- බදාදා

කටක
කල්ප­නා­කාරී වන්න

ලග්නා­ධි­පති සඳු අය­ස්ථා­නයේ උච්චව සිටි­යදී සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යාමේ දී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ඔබ බලා­ප­රොත්තු වන තර­මට සාර්ථක නොවේ. යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු විය හැක. ආර්ථික වශ­යෙන් යහ­පත් වුව ද මුදල් ඉති­රි­කර ගැනීම අප­හසු වේ. අධ්‍යා­පන ක්ෂේත්‍ර­වල නියුක්ත අයට ස්වකීය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබා ගනී. උෂ්ණා­ධික රෝග, මල­බ­ද්ධය, බඩ­වැල් ආශ්‍රිත රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ
කර­ගෙන යන කට­යුතු දියුණු වේ

ලග්නා­ධි­පති රවි ලග්න­යේම බුධ සමග සිටී. රවි ස්වක්ෂේ­ත්‍රයි. බුධ දිග්බ­ලයි. මෙම පිහි­ටීම් තුළ තම රැකි­යාව කරන තැන තමාගේ කට යුතු උදෙසා වැඩ කිරීම තුළ කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර­ගත හැක. අලු­තෙන් ආරම්භ කරන කට­යුතු දියුණු වේ. සැප පහ­සු­වට අවශ්‍ය දේ ලැබේ. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවේ. දේපළ දියු­ණු­ව­කට කරුණු සැලසේ. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභ­දා­ය­කයි.

ජය වර්ණය-රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා
සිතේ සමා­දා­නය ඇතිවේ

ලග්නා­ධි­පති බුධ 12 ස්වක්ෂේත්‍ර රවි සම­ගයි. ගුරු දෙවැන්නේ සිටී. උත්ස­ව­ව­ලට සහ­භා­ගගි වේ. ආග­මික අංශ­යට වඩාත් නැඹුරු වේ. හිත­මි­තු­රන් තමා සොයා­ගෙන පැමිණේ. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු සාර්ථක කර ගනී. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ගිය සාමය සුර­ක්ෂිත වේ. ප්‍රේම සම්බ­න්ධතා ඇති වේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තර­මක් කල්ප­නා­කාරී විය යුතුයි.

ජය වර්ණය- කොළ, අංකය- 01, දිනය- බදාදා

තුලා
මිශ්‍ර­ප­ලයි

ලග්නා­ධි­පති සිකුරු දිග්බල ගුරු සමග ස්වක්ෂේ­ත්‍රව ලග්න­යේම සිටී. පැවැති තත්ත්ව­යන්ට වඩා තර­මක් ශුභ­දා­යක වේ. සමා­ජයේ කිසි­යම් පිළි­ගැ­නී­ම­කට ලක් වේ. මිල මුදල් ලැබීම අතින් ශුභයි. ලාභ බලා­ගෙන කරන කට­යු­තු­ව­ලට යහ­පත් කාල­යකි. ආදා­යම් වැඩි­ක­ර­ගත හැකි මාර්ග ගැන අව­ධා­නය යොමු වේ. ලාභ ප්‍රයෝ­ජන ලැබෙන මාර්ග පෑදෙයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. අධ්‍යා­පන කට­යු­තු­වල දී උත්සා­හයේ තර­මට ප්‍රති­ඵල ලැබේ.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකු­රාදා

වෘශ්චික
බාධා මැද දියු­ණුව

ලග්නා­ධි­පති කුජ කේතු සමග තව­දු­රට්ත තුන්වැන්නේ සිටි­යදී සතිය ආරම්භ වේ. අලුත් මිත්‍ර­යන් ආශ්‍ර­යට ලැබේ. මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. සම­ගිය සාමය සුර­ක්ෂිත වේ. කෙසේ වුවත් යම් යම් අව­ස්ථා­වල තමාගේ කට­යු­තු­ව­ලට බාධා අව­හි­රතා ඉස්මතු වේ. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ලැබී­මෙන් තමාගේ කට­යුතු යහ­පත් වේ. ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. තම ශරීර සෞඛ්‍යය ගැන කල්ප­නා­කාරී වන්න. ලේ දූෂ්‍යා­බාධ, උෂ්ණා­ධික රෝග බලපෑ හැක.

ජය වර්ණය - රතු, අංකය - 09, දිනය - බ්‍රහ­ස්ප­තින්දා

ධනු
යහ­පත්ය

ලග්නා­ධි­පති ගුරු අය­ස්ථා­නයේ ස්වක්ෂේත්‍ර සිකුරු සම­ගයි. මෙම සතිය පපුරා ඔබට ශුභ­දා­යක වේ. ප්‍රිය සම්භා­ෂණ, උත්සව ආදි­යට සහ­භාගි වීමට සිදු වේ. අන්‍ය­යන්ගේ ආධා­රය උප­කා­රය ලැබීම තුළ තමාගේ කට­යුතු ලෙහෙ­සි­යෙන් ද පහ­සු­වෙන් ද සිදු­කර ගනී. මිල මුදල් ලැබීම අතින් ද අය­හ­පත් නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල දී තර­මක් කල්ප­නා­කාරී වන්න. ඉගෙ­නීමේ යෙදී සිටින අයට ශුභයි. ස්වකීය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර
මිශ්‍ර­ප­ලයි

ලග්නා­ධි­පති ශනි 12 සිටිය දී සතිය ආරම්භ වේ. යෝග­කා­රක සිකුරු, ගුරු දහ­යේය. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යාමේ දී විටෙක කේලාම් ඕපා­දූ­ප­ව­ලට ලක්විය හැකි බැවින් කල්ප­නා­කාරී වන්න. කෙසේ වුවත් අන්‍ය­යන්ගේ ආධා­රය උප­කා­රය ලැබී­මෙන් තම කට­යුතු යහ­පත් වේ. මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. විවිධ අංශ­යන්ට යොමු­වීම තුළ ආර්ථික වාසි ලබයි. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි. රුධිර පීඩ­නය, උද­ර­ගත පීඩා, බඩ­වැල් ආශ්‍රිත රෝග යනා­දි­යෙන් පරි­ස්සම් විය යුතුයි.

ජය වර්ණය - නිල්, අංකය - 06, දිනය - සිකු­රාදා

කුම්භ
ශුභයි

ලග්නා­ධි­පති ශනි අය­ස්ථා­න­ග­තව සිටි­යදී සතිය ආරම්භ වේ. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී ශුභ­දා­යක වේ. විටෙක තම කට­යුතු ලෙහෙ­සි­යෙන් ද පහ­සු­වෙන් ද ඉටු­කර ගනී. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් පසු­විය යුතුයි. අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට උත්සා­හ­යෙන් සාර්ථක ප්‍රති­ඵල උදා කර­ගත හැක. සමා­ජ­යිය කට­යු­තු­ව­ලට හිත ඇදී යයි. ශරීර සෞඛ්‍යය ගැන තර­මක් සැල­කි­ලි­මත් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සිකු­රාදා

මීන
මිශ්‍ර­ප­ලයි

ලග්නා­ධි­පති ගුරු අට­වැන්නේ ස්වක්ෂේත්‍ර සිකුරු සමග අට­වැ­න්නේම සිටයි දී සතිය ආරම්භ වේ. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යු­තු­ව­ලට ශුභයි. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි. ණය­තු­රුස් වීමේ ඉඩක් පවතී. ගෙද­ර­දොර කට­යු­තු­වල දී තර­මක් ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා මතු කළ හැක. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැක.

ජය වර්ණය - රන්වන්, අංකය - 03, දිනය - බ්‍රහ­ස්ප­තින්දා

ජ්‍යොතිර් විද්‍යා විභූ­ෂණ, රාජ්‍ය සම්මා­න­ලාභී 
ආචාර්ය ජී.ඇම්. ගුණ­පාල

YOU MAY ALSO LIKE