Friday, November 16, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

"ශ්‍රී ලාංකික අපගේ ජීවන තත්වය නගා සිටුවීමට අපිම කැපවෙමු" රටම බලාසිටි සංගාගේ වියත් දේශනය අවසන්! (VIDEO)

22195Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අග්‍රගන්‍ය ක්‍රීඩකයන් අතර කුමාර් සංගක්කාර නාමය ඉහළින්ම ලියැවී තිබේ. ලෝක වාර්තා රැසක් සමගින් මවුබිමට ජයග්‍රහණ රැසක් ලබා දුන් සංගා ජාත්‍යන්තර කීර්තියට ලක්වූ ශ්‍රී ලාංකිකයෙකි.

දැඩි උත්සාහයෙන් සහ කැපවීමෙන් සිය ක්‍රීඩා ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය සාර්ථක කරගත් සංගා පසුගිය 30 වෙනිදා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වටිනා පණිවිඩයක් ලබා දුන්නේය. ඒ සංගා ජීවිතය සාර්ථක කර ගත් අයුරු ශ්‍රී ලාංකිකයන්ට පැහැදිලි කරමින් ය. ශ්‍රී ලංකා ව්‍යාපාර සන්නාම ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටිනා සොෆ්ට්ලොජික් ආයතනය සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණයේ නවතව සේවාව පිළිබඳව පැවති වැඩමුලුවකදී සංගා මෙම දේශනය සිදු කළේය.

එහිදි සිය ජීවිතයේ අධ්‍යාපනික සුදුසුකම් මෙන්ම ක්‍රීඩාවෙන් සාර්ථක වූ අන්දම විස්තර කළ සංගා සිය ජීවීතයේ සාර්ථකත්වයට හේතුව නිසි වේලාවට ගුණාත්මක තීරණ ලබා ගැනීම බවද පැවසුවේය. ජීවිතයේ සතුට ලඟා කර ගැනීමට නම් තමා විසින්ම තමන් ප්‍රිය කරන ජීවිතය ලඟා කර ගත යුතු බවත් සංගා සිය දේශනයේදී ප්‍රකාශ කළා.

ජීවිතයේ සතුට ලඟා කර ගැනීමට තමන් විසින්ම ඊට අවශ්‍ය කරනා නිසි ක්‍රියාකාරකම් කරමින් එම ජීවිතය ලඟා කර ගත යුතුය යන පණිවිඩය ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සන්නාමය මින් පෙරද කටයුතු කළේය. අප සෑම පුද්ගලයෙකුගේම ජීවිතය සතුටින් තබනා "ලෙඩක්" අප සැමටම තිබෙනා බවට සොෆ්ට්ලොජික් ලයිෆ් මින්පෙර සිදු කළ ප්‍රවර්ධන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේම දැඩි අවදානයට ලක් විය.

කඳු නගින ලෙඩක්, ක්‍රිකට් උණක්, ට්‍රැවල් කරනා ලෙඩක් ආදි වශයෙන් ධණාත්මක "ලෙඩක්" හෝ කිහිපයක් අප සැමටම තිබේ. එවැනි ලෙඩක් ඔබට තිබීම යහපත් ය. නමුත් ඔබ පීඩාවට පත් කරනා වෙනත් ලෙඩක්, රෝගයක් හෝ උවදුරක් පැන නැගුනු විට ඔබ රැකබලා ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණය සිටියි.

ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණය වන සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණය විශේෂ වන්නේ එම ජීවිත රක්ෂණය සිය පරිභෝගිකයන්ට සේවයට එහා ගිය බැඳීමකින් පාරිභෝගිකයන් කෙරෙහි කැපවී සිටින නිසාය.

ශ්‍රී ලංකාවේ හොඳම සෞඛ්‍ය සේවාව පාරිභෝගිකයන්ට ලබා දීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණය කැපවී සිටියි. සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් පසුගිය 30 වෙනිදා දියත් කළ "ප්‍රිමියර් හෙල්ත්" සෞඛ්‍ය රක්ෂණය දැනට ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රථිලාභ හිමි සෞඛ්‍ය රක්ෂණය වේ.

වසරකට මිලියන 50ක දීමනා සහ ප්‍රථිලාභ ප්‍රිමියර් හෙල්ත් සෞඛ්‍ය රක්ෂණාවරයෙන් ආවරණය කිරීමට නියමිතය. ප්‍රිමියර් හෙල්ත් සෞඛ්‍ය රක්ෂණාවරණය තනි පුද්ගලයන්ට මෙන්ම පවුල මූලීක කර ගත් විශාල ප්‍රථිලාභ රාශියක් ලබා දෙන සෞඛ්‍ය රක්ෂණාවරණයකි.

ප්‍රිමියර් හෙල්ත් සෞඛ්‍ය රක්ෂණාවරණය දෑස් සම්බන්ධයෙන් විශේෂ ප්‍රථිලාභ ලබා දෙන අතර ඇස් පරීක්ෂණ ගාස්තු, කාච ආදියද ප්‍රීමියර් හෙල්ත් රක්ෂණාවරණයෙන් ආවරණය කර තිබේ. මීට අමතරව දන්ත සෞඛ්‍යය, වෙනත් සෞඛ්‍ය පරීක්ෂණ, බෙහෙත් සදහා ප්‍රථිලාභ, ගර්භනි සමයේ විශේෂ ප්‍රථිලාභ ආදියද ප්‍රිමියර් හෙල්ත් සෞඛ්‍ය රක්ෂණාවරණයට ඇතුලත් කර තිබීම විශේෂත්වයකි. මේ අනුව දැනට ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රථිලාභ සහිත රක්ෂණාවරණය ලෙසට "ප්‍රීමියර් හෙල්ත්" රක්ෂණාවරණය කතාබහට ලක්විය.

ජීවිතයෙ උතුම්ම ධනය වන නීරෝගීකකම සෑම පුද්ගලයෙකු විසින්ම නඩත්තු කර ගත යුතු සම්පතකි.