Saturday, November 17, 2018 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

වසරේ විශිෂ්ඨතම නිරූපන තරගාවලිය වෙනුවෙන් පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රසාද් දේශප්‍රිය රන් සම්මානයෙන් පිදුම් ලබයි!

1864Views

පසුගියදා පැවැති ශ්‍රමඅභිමානී සම්මාන උළෙලීදී කළුබෝවිල චීනකටු වෛද්‍ය සායනයේ හා පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතන ද්විත්වයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය සම්මාන දෙකකින් පිදුම් ලැබුවා. වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියගේ කලුබෝවිල චීන කටු වෛද්‍ය සායනය වසරේ විශිෂ්ඨතම චීන කටු වෛද්‍ය සායනය ලෙසත් ඔහුගේ පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතනය වසරේ හොඳම නීරූපන තරග සංවිධායක ලෙසත් මෙලෙස සම්මානයට පාත්‍රවුණා. 
කළුබෝවිල චීනකටු වෛද්‍ය සායනය ගියවසරේද මෙම රන් සම්මානය හිමි කරගත් අතර මෙවර එම ආයතනය මෙම සම්මානය දිනාගත්තේ පිට පිට දෙවැනි වතාවටය. 

පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතනය මගින් මෙම වසරේ මුල් කාර්තුවේදී පැවැත් වූ Global Charity Queen 2018, Miss Tourism SriLanka to Miss Tourism World 2018, Mister Ocean SriLanka to Mister Ocean International 2018 සහ The Young Beauty of SriLanka යන නිරූපන තරගාවලිය ලැබූ දැවැන්ත සාර්ථකත්වයත් ඒ නිරූපන තරග නැරඹීමට විශාල විදේශිකයන් පිරිසක් සහභාගී වීමත් හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතනය කළ මෙහෙවර අගය කරමින් මෙවර ශ්‍රමාභාමානී සම්මාන උළෙලේදී පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතනය මෙලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

සම්මාන ලබා ගැනීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ කළුබෝවිල චීනකටු වෛද්‍ය සායනයේ හා පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතන ද්විත්වයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය තමා ලැබූ මෙම දැවැන්ත ජයග්‍රහන පසුපස සිටින සියලුම අනුග්‍රාහක භවතුන්ට හා හිතවතුන්ට ස්තූති කළා. විශේෂයෙන්ම සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ව්‍යාපාරීක හැරී ජයවර්ධන, ඩඩ්ලි සිරිසේන යන මහත්වරුන්ද ස්විස්ටර්ලන්තය, ජපානය, ප්‍රංශය, සිංගප්පූරුව යන රටවල සිටින අනුග්‍රාහක හිතවතුන්ටද පෙරකී තරග සමූහයේ කොරියග්‍රැෆර් ලෙස කටයුතු කළ සේනක සිල්වා මහතා ටද මෙහිදී වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා විශේෂයෙන් මතක් කළා.

මෙහි සහය නිර්මාණ කරු ලෙස සිටි නික් ජයමහද, මෙහි ප්‍රධාන ජයාරූප ශිල්පි ලෙස කටයුතු කල දායන් විතාරණ මහතාටද ප්‍රසාද් දේශප්‍රිය ස්තුතිය පළකරනවා. එයට අමතරව ගියවර තරගයේ පිට රට සිට පැමිණි සියලුම නිරුපන ශිල්පින්ට ඔහුගේ ස්තුතිය හිමිවෙනවා. තව ද මිස් ඔශන් වර්ල්ඩ් තරගයේ තොරා ගැනීමේ වටය මෙම මස 23 දින ගලදාරි හොටලයේ පැවති වෙන අතර ඒ සදහා ඔබට අයදුම් කළ හැක. 

යෝගා. 0762390666